යුක්රේනයට හමුදා සහය ලබා දීම සඳහා මිත්‍ර පාක්ෂිකයන් 26 දෙනෙකු සුදානම් බව ප්‍රංශ ජනාධිපතිවරයා කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනය වෙනුවෙන් ගොඩබිමින්, මුහුදින් හා ගුවනින් ජාත්‍යන්තර හමුදාවක් ඇතුළුව හමුදා සහය ලබා දීමට රටවල් 26ක් සුදානමින් සිටින බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කර තිබේ.

ප්‍රංශ ජනාධිපතිවරයා මේබව පැරිසියේ එලිසී මාලිගයේ ඊයේ(04)දිනයේ පැවති මාධ්‍ය හමුවකදී යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ ප්‍රකාශ කර තිබිණි.

යුක්රේන ජනාධිපතිවරයා මෙම පියවරට ප්‍රශංසා කර තිබු අතර ට්‍රම්ප් සහ ව්ලැඩිමීර් පුටින් අතර පසුගිය අගෝස්තු මාසයේ ඇලස්කා සමුළුවෙන් පසු ට්‍රම්ප්, පුටින් සහ සෙලෙන්ස්කි අතර හමුවීමක් සඳහා සැප්තැම්බර් 1 වන දින අවසාන දිනය නියම කර තිබුනද එය මේ වන තෙක් ක්‍රියාත්මක නොවිය.

කෙසේ නමුත් මේ වන විට ජර්මනිය, ස්පාඤ්ඤය සහ ඉතාලිය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක් යුක්රේනය වෙනුවෙන් හමුදා සහය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...