ඇමරිකානු නාවික හමුදා නෞකාව අසලින් වෙනිසියුලානු හමුදා ගුවන් යානා දෙකක් පියාසර කිරීම ගැන පෙන්ටගනය වෙනිසියුලාවට අනතුරු අඟවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වොෂින්ටනය සහ වෙනිසියුලාව අතර උත්සන්නවන ගැටුම් අතරතුර ඊයේ(04) දිනයේදී වෙනිසියුලානු F-16 ප්‍රහාරක ජෙට් යානා දෙකක් ජාත්‍යන්තර මුහුදේ එක්සත් ජනපද නාවික හමුදා නෞකාවක් අසලට පියාසර කරවීම ඉතා ප්‍රකෝපකාරී පියවරක් බව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ජේසන් ඩන්හැම් නම් එක්සත් ජනපද නෞකාවට ඉහළින් වෙනිසියුලානු ගුවන් යානය හමා යාම අපගේ මත්ද්‍රව්‍ය විරෝධී ත්‍රස්ත මෙහෙයුම්වලට බාධා කිරීමේ උත්සාහයක්ත්, වහාම මෙවන් ප්‍රකෝප කිරීම් නවතා දමන ලෙසත් පෙන්ටගනය මෙහිදී ප්‍රකාශ කර ඇත.

වෙනිසියුලාවේ සහ කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාටල් ක්‍රියාත්මක වන බවත්, ජනාධිපති මදුරෝ ඒවාට සමීප සම්බන්ධතා ඇති බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය මදුරෝට චෝදනා කර ඇති අතර, ඒ සඳහා එක්සත් ජනපදය මෙතෙක් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි. මදුරෝ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට අත්අඩංගුවට ගැනීමට ලබා දෙන තොරතුරු වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට ඩොලර් මිලියන 100ක ත්‍යාගයක් නිවේදනය කර ඇත.

පසුගියදා මාධ්‍යවේදීන් අමතමින් වෙනිසියුලානු ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, මේ වන විට එක්සත් ජනපද හමුදා කැරිබියන් දූපත් වල යොදවා ඇති අතර වෙනිසියුලාව ඉලක්ක කර ගනිමින් මිසයිල 1,200 ක් සහ සබ්මැරීනයක් සහිත හමුදා නැව් අටක් යොදවා ඇති බවත්, වෙනිසියුලාව මේවන විට පසුගිය වසර 100 තුළ විශාලතම තර්ජනයට මුහුණ දී සිටින බවත්, වෙනිසියුලාවට පහර දුන්නොත්, අපි වහාම අපේ භූමිය ආරක්ෂා කර ගැනීම සඳහා සන්නද්ධ අරගලයකට යොමු වෙන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Anutin Charnvirakul තායිලන්තයේ නව අගමැති ලෙස පත් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තය සඳහා නව...

විමල්ගේ විරෝධය!

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව ICCPR පනත භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන්...

ඇල්ලේ බස් අනතුරින් මියගිය අය වෙනුවෙන් ලක්ෂ 10 බැගින් වන්දි

සටහන - රුවන් නෙළුගොල්ල ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24 කණුව...