මිද්දෙණියෙන් මතුවූ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික තොග : විස්තර බැකෝ සමන්ගේ කටින් පැනලා

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05 කොළඹ LNW :

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙණිය ප්‍රදේශයෙන් සොයා ගැනුන අතර ඒවා, මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ යන අයට අයත් බවට සැලකෙන බව වාර්තා වේ.

විශේෂ කාර්ය බලකාය මෙම මෙහෙයුම සිදුකර ඇති අතර, නිර්මල ප්‍රසංග හෙවත් බැකෝ සමන් යන අයගෙන් හෙලිවූ තෙරතුරු මත මෙම වැටලීම සිදුකර ඇත.

මිද්දෙණිය තලාව ප්‍රදේශයේ නිවසක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (05) දිනයේ දී පරික්ෂාවට ලක් කෙරුණේ මත්ද්‍රව්‍ය සඟවා ඇති බවට ලැබී තිබූ තොරතුරකට අනුවයි.

පසුගියදා දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් කෙනෙකු වන නිර්මල ප්‍රසංග හෙවත් බැකෝ සමන් යන අයගෙන් ලැබුණු තොරතුරකට අනුවයි  මෙම වැටලීම සිදු කර ඇති අතර, නිවසේ හිමිකරු බැකෝ සමන් යන අය සමග සබඳතා පවත්වා ඇති බව හෙළිව ඇත.

පොලිසිය පවසන්නේ, මේ වන විට එම පුද්ගලයා සිය නිවසින් පලාගොස් සැඟව සිටින බවයි.

අදාළ රසායනික ද්‍රව්‍ය තොගය වල දැමීම සඳහා පොදු පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු ද සම්බන්ධ වී ඇති බවට කරුණු හෙළිව ඇති අතර, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරික්ෂක ලින්ටන් සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ අදාළ රසායනික ද්‍රව්‍ය තොගය ගොඩගැනීමේ කටයුතු ආරම්භ කෙරුණ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...