කොළඹ LNW:වත්මන් ආණ්ඩුව ICCPR පනත භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙක් වූ විමල් වීරවංශ මහතා සිය විරෝධය පළකර තිබේ.
බෙදුම්වාදී ජාතිවාදී සහ ආගම්වාදී අන්තවාදයට විරුද්ධව කතා කරන දේශපාලන බලවේග සහ ආරක්ෂක හමුදා වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයින් නිහඬ කිරීමට වත්මන් ආණ්ඩුව එම පනත භාවිතා කරන බවයි විමල් වීරවංශ මහතා සඳහන් කළේ.
විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ අද (05) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
තිස්සමහාරාම රජමහා විහාරය ඉදිරිපිට අධිකරණ නියෝග නොතකා සිදුකළ උද්ඝෝෂණවලට එරෙහිව හෝ උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල බෞද්ධ පුරාවිද්‍යා ස්ථානවලට නීතිවිරෝධීව ඇතුළුවන අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව මෙම පනත ක්‍රියාත්මක නොවන බවත් ඔහු ප්‍රකාශ කරන ලදී.
“අද වෙනකොට අපි දන්නවා ICCPR පනත. ඒ පනත පාවිච්චි වෙනවා ඒ බෙදුම්වාදී ඒ ජාතිවාදී ආගම්වාදී අන්තවාදයට එරෙහි දේශපාලන බලවේගවල කට වහන්න. ආරක්ෂක හමුදා වෙනුවෙන් පෙනී ඉන්න බලවේගවල කටවහන්න. අත්තනෝමතිකව අත්අඩංගුවට අරන් හිරගෙවල්වල ගාල් කරන රණවිරුවන්ගේ අයිතිය වෙනුවෙන් කතා කරන මිනිස්සුන්ගෙ කට වහන්න මේ ICCPR පනත පාවිච්චි වෙනවා. අපි දන්නවා හිටපු නාවික හමුදාපති හිරගෙදර අද දුක් විඳින ඒ නාවික හමුදාපතිවරයා ඔහු අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය ගැන කතා කරපු උදය ගම්මන්පිළ කරපු ප්‍රකාශයක් පදනම් කරගෙන අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දක්වලා තියෙනවා ICCPR පනත යටතේ පරීක්ෂණයක් කරනවා කියලා. හැබැයි තිස්ස රජමහා විහාරය ඉස්සරහා උසාවි නියෝග වලට පිටුපාලා ඒ පන්සලේ පින්කමට එරෙහිව උද්ඝෝෂණ කරන පොලිසියේ කීම අහන්නැතුව විරෝධතා පවත්වන අයට ICCPR පනත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. උතුරේ සහ නැගෙනහිර බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානවලට බලහත්කාරයෙන් නීති විරෝධීව ඇතුල්වෙලා ඒවා ඇතුලේ ගැටුම් අවුළුවන්න හදන ඒ අන්තවාදී ජාතිවාදී සුළුතරයට විරුද්ධව ඒ පනත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ අන්තවාදී ජාතිවාදී කල්ලි කණ්ඩායමලට ක්‍රියාත්මක නොවෙන ICCPR පනත මේ රටේ මානුෂීය මෙහෙයුම හරහා සාමය දිනාදීපු රණවිරුවන්ගේ අයිතිය වෙනුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රැකවරණය වෙනුවෙන් ජිනිවා මානව හිමිකම් කොමිසමෙ යොජනාව හරහා ඔවුන්ට එරෙහිව ගෙනියනු ලබන ඒ බෙල්ලට වැර දැමීමේ ක්‍රියාදාමයට එරෙහිව කතා කරන මිනිස්සුන්ගෙ කට වහන්න තමයි අද මේ පනත ආණ්ඩුව විසින් පාවිච්චි කරමින් ඉන්නෙ. ඒ නිසා බොහොම පැහැදිලියි එක පැත්තකින් අනුර දිසානායක ජනාධිපති කියනවා අභියෝගාත්මක තීරණ ගන්න පැකිලෙන්නේ නෑ කියලා. අනිත් පැත්තෙන් ICCPR පනත පාවිච්චි කරනවා ඒ අභියෝගාත්මක සහ රටට ජාතියට අහිතකර තීරණ වලට එරෙහිව ක්‍රියාත්මක වෙන දේශපාලන සාමකාමී බලවේග හිරගෙදරට දක්වන්න බියගන්වන්න තැතිගන්වන්න. මේක තමයි අද සිදුවෙන්නේ.” යනුවෙන් වීරවංශ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.
ආශිකා බ්‍රාහ්මණ
