මෙතෙක් රට පාලනය කළ දේශපාලනඥයින් රටට කළ විනාශය සම්බන්ධයෙන් තමන් දැඩි කම්පාවකින් පසුවන බවත් මේ මොහොතේ රට ගොඩනැගීම වෙනුවෙන් තමන්ගේ පූර්ණ සහයෝගය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලබාදෙන බවත් අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
එසේම තමන්ට ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට කිසිදු උනන්දුවක් හෝ වුවමනාවක් නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.
“අපෙ හාමුදුරුවන්ගෙ අනුශාසනාවෙදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙ උපතත් මේ ගම්පහ දිස්ත්‍රික්කයේ මේ පහළ යාගොඩ ගමේ බව පැවසුවා. ඒ වෙලාවෙ මට ඔළුවට ආපු දෙයක් තමයි මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරු කීදෙනෙක් ඉඳලා තියෙනවාද ? චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, ඔය කියන විදියට මෛත්‍රීපාල සිරිසේන, තව කියන විදියට රනිල් වික්‍රමසිංහ – එයාත් බියගම නෙ, ජේ. ආර්. ජයවර්ධනත් කැළණියේ – මානෙල් උයනවත්ත. අගමැතිවරුත් ඒ විදියටමයි. හැබැයි මගේ කට කෑවත් මම ඇත්ත කියන මිනිහෙක්, ගම්පහ පිළිබඳ එහෙම බැලුවාම මම හරි කණගාටු වෙනවා.
මේ ගමේ අතීතය සහ මාගේ ජීවිතයට තියෙන සම්බන්ධතාවය ගත්තොත්, මේ පන්සල් භූමිය, මේ ආවාස ගේයි ධර්ම ශාලාවක් තිබ්බා මේ පැත්තේ, බෝධිය තිබුණා, එච්චරයි මේ මහ විශාල ඉඩමේ තිබුණේ. මගෙ වයස අවුරුදු 10කට අඩු කාලයක් ගැන මම මේ කියන්නෙ. අතනින් පටන් ගත්තාම අපෙ ලොකු නැන්දා කරෝ නැන්දා, අපෙ ලොකු අයියා වෝල්ටර් අයියාගෙ අම්මා කරෝලිස් ආච්චි, ඒ ගෙවල් දෙකම මැද ගෙයක් තිබ්බා රෝයිලාගෙ ගේ. මහ විශාල ගෙයක් ඒක ඒ කාලෙ විදියට. ඊටපස්සෙ වෝල්ටර් අයියලාගෙ ගෙදර, එතනින් පස්සෙ ජයසිරි අයියලාගෙ ගෙදර, එතනින් පස්සෙ ජෝනිස් මාමලාගෙ ගෙදර, සෝමෙ මාමලාගෙ ගෙදර, පන්සල, මේ ඔක්කොගේම මම යන්නෙ පයින්. මට මේවා කටපාඩම්. අපෙ ලොකු අම්මා, ඒ කරෝලිස් ආච්චිත් කරෝ නැන්දාත් මේ දෙන්නාගෙ ප්‍රධාන ආදායම වෙලා තිබ්බෙ ආප්ප පුච්චලා මේ කඩ – වෙද මහත්තයාගෙ කඩේ මෙතන, තවත් කඩයක් දෙකක් තිබ්බා – ඒ කඩවලට ආප්ප විකුණන එක. මෙතන සල්ලි ගැවසෙන බව මට තේරුණා. මගෙ පොඩි කාලේ මගෙ ස්වභාවය. නමුත් මට මේ සල්ලි පිළිබඳ වැටහීම, දැනීම, උනන්දුව ඒ කාලෙ ඉඳලා තිබ්බාට මගේ වයසේ හැටියට මට සල්ලි හම්බ කරන්න ක්‍රමයක් තිබ්බෙ නෑ. මගෙ මේ ජීවිතේ මා ආපු මේ ගමනේ මේ පන්සලේ පොල් අතු ටික අහුලාගෙන ගිහිල්ලා ඒ අම්මලාට දීලා සත දහයක්, විසි පහක් ඉල්ලා ගත්ත අවස්ථාත් තියෙනවා. වැඩිපුර අවස්ථාව අර වයස නිසා එයාලාට නොදැනෙන්න එතෙන්ට එන අයගෙන් ආප්ප ගන්න අර වට්ටියට උස්සලා එතනින් සත විසි පහක්, පනහක් මම ගන්නවා.
මට අර මුදල් පිළිබඳ අවශ්‍යතාවය එදා ඉඳන්ම තිබ්බා. හැබැයි යමක් කරලා, මේකට සහයෝගයක් දීලා මේ වැඩේ කරගන්න වුවමනාවත් මගෙ හිතේ තිබ්බා. කාලය ගියා. මම ගුවන් හමුදාවෙ සේවයට බැඳුනා. මම මේ පහළ යාගොඩ ගමේ මේ සිසිර අයියලා, කාන්ති අක්කලාත් එක්ක වැඩි කාලයක් – මගේ ජීවිතේ හොඳම කාලයද කියලාත් මට එක වෙලාවකට හිතෙනවා – එතන ඉන්න ගමන් මම වැඩට ගියා. මම වැඩට ගියේ කෝච්චියේ. මේ ටික යන්නෙ පයින්. මම දැන් යාගොඩට ආවා අද ලංකාවේ තියෙන සුපිරිම වාහනයකින්. ඒක මගේ. ඇයි මම මේවා කියන්නෙ ඔයාලාට, මේක හොඳට තේරුම් ගන්න. මගේ කාර් එකේ ඇති ලොකුකම ඔයාලාට ඇති වැඩක් නෑ. නමුත් මේ ක්‍රමවේදය අපි හිතපු විදිහ. මම දැන් කාර් එකේ යද්දී මට පේනවා බස් හෝල්ට් එක, සීටීබී බස් එක, ප්‍රයිවට් බස් එක, කෝච්චිය, ස්ටේෂන් එක, දවසේ වැඩවර්ජනය කරලා ඒ මගීන් පත්වෙන අන්ත අපහසුතාවය මම දකිනවා. මට එතකොට මතක් වෙනවා මගෙත් ඒ ජීවිතයේ ඒ කාලය, බස් එකේ කෝච්චියේ ගියපු ඒ කාලය.
රටට නායකයෙක් වෙන්න, පාලකයෙක් වෙන්න මට කිසිම අදහසක් නෑ
මම විවෘතව කතා කරන මිනිහෙක්. මම කකුල් දෙක දෙපැත්තෙ තියාගෙන කතා කරලා නෑ කවදාවත්. තීන්දුව නම් තීන්දුව. තීරණය නම් තීරණය. කෙළින් නම් කෙළින්. වැනෙන්න අපි වැඩක් කරන්නෙත් නැහැ. මම වර්තමාන ක්‍රමවේදයට මගෙ ජීවිතේ මෙතනින් එහාට මොනවද තව ගෙනියන්නෙ ? මොනවද රකින්නෙ ? මේ වගකීමක් දරපු කාලය තුළ මේ රටට මේ සමස්ත දේශපාලනඥයෝ ඇති කරලා තියෙන තත්වය පිළිබඳව මම මාර වෛරයකින් ඉන්නෙ. දේශපාලනය බල්ලාට වැටිලා. ඒක තමයි සත්‍යය කතාව. මගේ අයිතිය මගේ නිදහස. නමුත් මේ සමස්ත දේශපාලනය මේ ගමේ – මම ඉපදුණ, මගේ අම්මා ඉපදුණ, අපේ තාත්තාගෙ ගම මීට අල්ලපු ගම ඔරුතොට, මේ පහළ යාගොඩ – මේ වාගෙ තැනකින් අපි මේ වාගෙ සමාජ මට්ටමකට ගොඩනැගිලා මම අද කරන්නෙ මට තියෙන සමාජ වගකීම.
රටට නායකයෙක් වෙන්න, පාලකයෙක් වෙන්න මට කිසිම අදහසක් නෑ. මට ඒවා අවශ්‍යත් නෑ. ඒවා කරන්න අපි උපදෙස් දීලා, උදව් දීලා අපි ගොඩනඟපු නායකයෝ – කවුරු මොනවා කිව්වත් මගේ වචනෙන් කියනවා නම් අපිට කෙළියා කියලා තමයි මට නම් කියන්න තියෙන්නෙ. අපෙ හාමුදුරුවනේ අමනාප වෙන්න එපා මෙහෙම කතා කළාට. අපි, ඔයාලා හරි උසස් විදියට සලකන මෛත්‍රීපාල සිරිසේන, මගේ අයියාට මේ රටේ නායකත්වය අරන් දෙන්න මට තිබ්බ වුවමනාව, මට ඒ කාලෙ හැටියට ලොකු හැඟීමක් තිබ්බා මෛත්‍රීපාල සිරිසේනට දේශපාලනය පිළිබඳ ලොකු අවබෝධයක්, වැඩපිළිවෙලක්, ක්‍රමවේදයක් තියෙනවා කියලා. ජීවිත පරිත්‍යාගයෙන් ඒ සටන කළා, නමුත් මට ඒක කියලා සතියක් දෙකක් යන්න බැරිවුණා අර මහබැංකු මංකොල්ලය වුණා. මම මේ මෑතකදීත් කිව්වා මේ ගොඩනැගිලි සීයක් හදයි ගමේ මිනිස්සු ගමේ ආර්ථික හයිය හොඳට තිබ්බා නම්, එව්වා විනාශ කළා.
මම ස්ථිරවම මේ කකුල් දෙකම තියාගෙන ඉන්නෙ අනුර කුමාර දිසානායක මහතාගෙ ආණ්ඩුව පැත්තෙ
අපෙ හාමුදුරුවරු බහුතරයක් ඉන්න පැත්ත මම දන්නවා. නමුත් ඔයාලාට වැඩිය මම ඒ පැති ගැන හිතපු මිනිහෙක්. මම කකුල් දෙක දෙපැත්තෙ තියාගෙන වැඩ කරපු මිනිහෙක් නෙවෙයි. මම දැනට, මට තේරෙන විදිහට, මට වෙන විකල්පෙකුත් නැහැ, මම ස්ථිරවම මේ කකුල් දෙකම තියාගෙන ඉන්නෙ අනුර කුමාර දිසානායක මහතාගෙ ආණ්ඩුව පැත්තෙ කියන එක මම අද විශේෂයෙන්ම කියනවා. මේ පන්සලේදී මගේ හිතේ සත්‍යය කතාව මම විශේශයෙන්ම කියන්නෙ. කටෙන් වචනයක් ගියොත් ඒක ජනාධිපතිත් එක්ක බේරාගන්න. ඔයාලා හිතන්න මං වාගෙ කෙනෙක් අනුර කුමාර ගැන මේ වාගෙ වේදිකාවක කතා කරන්න මේ රටේ පාලන ක්‍රමයේ, පැවතිච්ච පාලන ක්‍රමය ගැන මට තියෙන වෛරය ඔයාලා දන්නෙ නැහැ. ඒක තමයි ඇත්ත කතාව”
“මේ රටේ පාලනය කරපු එක මිනිහෙකුටවත් ඔළුවට ආවාද මහව ඉඳලා එන මිනිහෙක් කොහොමද කෝච්චියේ කොළඹ ඇවිල්ලා කාර්යාලෙක වැඩක් කරන්නෙ ? ඒ මිනිහා ඒ රාජකාරිය ඉවර වෙලා ආපහු ගෙදර ඇවිල්ලා ඒ මිනිහාට තියෙන ඒ ජීවිත ක්‍රමය මොකක්ද ? එව්වා තමයි පරිපාලනමය ගැටලු. ඒවාගෙ අවබෝධයක් නැතිව මහව ඉන්න මිනිහා කොළඹට ගේන්න හැදුවා මිසක් මහව ඉන්න මිනිහාගෙන් මහවදී වැඩක් ගන්න විදියක් ගැන සැලැස්මක්වත් හිතපු නැති සමාජයක් මේක, ආදරණීය සහෝදරවරුනි පන්සලක වුණත් ඇත්ත කතාව ඒකයි. ඒක නිසා නව රජයට මම උපදෙස් දෙන්න යනවා නෙවෙයි, මගේ පූර්ණ සහයෝගය තියෙනවා. නමුත් මම පාලන කටයුතුවලට එහෙම සම්බන්ධයක් වෙන්නෙත් නැහැ, එයාලාගෙ එහෙම ක්‍රමයකුත් නැහැ, මට එහෙම අවශ්‍යයත් නැහැ, මට එහෙම වෙලාවකුත් නැහැ. මට මෙහෙම පන්සලකට ඇවිල්ලා දේශපාලන කතාවක් කරන්න මට යුතුකමකුත් නැහැ. මම මේ කරන්නෙ දේශපාලන කතාවකුත් නෙවෙයි මම මේ කරන්නෙ අපෙ ජීවිත කතාව. මේ ජීවිතවල තියෙන දුක්ඛිත තත්වය මම හොඳට විඳපු එකෙක්. මම කුලී වැඩ කරපු එකෙක් කියලා මම කියලා තියෙනවා. මම ලොරි ක්ලීනර් කෙනෙක් කියලා මම කියලා තියෙනවා.
අපි ඉස්සෙල්ලා හදාගන්න ඕනෙ ආර්ථික ශක්තිය. ඒ ආර්ථික ශක්තිය හදාගන්න සහයෝගයක් දෙන එක තමයි පාලක පැලැන්තියේ මූලික වගකීම වෙන්න ඕනෙ. නමුත් මේ වෙනකල් ඒවා වෙලා තියෙන ආකාරය පිළිබඳව මට වැඩිය හොඳට උදේට හවසට ප්‍රවෘත්ති බලද්දී ඔයාලාට තේරෙනවා. ඔය කවුරු මොනවා කිව්වත් මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතා අපි තුන්වේල කන එක, අපි අඳින එක, අපි සතුටින් ඉන්න එක, අපි විනෝද ගමනක් යන එක, විශේෂයෙන්ම ආගමික කටයුතු සහ සමාජය තුළ තවත් මෙවැනි කොටස් ගණනාවක් එක සම්බන්ධ වෙන ජීවිතයක් තමයි අපේ මේ ජීවිතය. අපි මේ ගොඩනැගිල්ලක් හදන්න එකතු වෙන එක, එක කතාවක්. ආර්ථික ශක්තිය අංක එක, ඒ හා සමාන්තරවම ආගමික කටයුතුත් තියෙන්න ඕනෙ. ආර්ථික ශක්තිය කොතරම් තිබ්බත් ආගමික සහයෝගය ඒ මට්ටමින්ම නොතිබ්බොත් අපේ ජීවිත ගමන යන්න ලැබෙන්නේම නැත.
අපි ජාතියක් වශයෙන්, ජනතාවක් වශයෙන් අපි පට්ට අසරණයි ජනාධිපතිතුමනි
මේ වැදගත් දවසේ මට තවත් දේවල් කියන්න ඕනෙ වුණත් මම හිතනවා මේවා කියන්න ගියොත් අනවශ්‍ය දෙයක් කියවෙයි කියලා. මම එච්චර හිතේ වේගයකින් ඉන්නෙ, මම එච්චර වෛරයකින් ඉන්නෙ. අපෙ හාමුදුරුවරු ඉස්සරහා තියාගෙන මම වෛරයකින් ඉන්නවා කිව්වාම, මම මේ ඔයාලාට උපදෙස් දීලා මම ඉන්න තැන … මම මේ රටට කෙළපු එක ගැන වෛරයෙන් ඉන්නෙ. මම මේක වෙනස් කරන්න 2015 මගේ සහෝදරයා ගෙනාවා. මගේ සහෝදරයාට යන එන මං නැතිවෙන්නම, දේශපාලන පක්ෂ සාමාජිකත්වයත් නැතිවෙන්නම උන් කෙළියා. ඒක තමයි සත්‍යය කතාව. හරියට කරන්න ආපු මිනිස්සුන්ට මුං කළේ ඒකයි. ඒක නිසා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි, වගකීමෙන් කියන්නෙ – බයකට නම් නෙවෙයි – ඔබතුමාට දක්වන සහයෝගය ඔබතුමාට දක්වන්නෙ, ඔබතුමාගෙ පක්ෂයේ ප්‍රතිපත්තිවලට නෙවෙයි. අපි එච්චර අසරණයි. අපි ජාතියක් වශයෙන්, ජනතාවක් වශයෙන් අපි පට්ට අසරණයි ජනාධිපතිතුමනි.
අද පොලොන්නරුවේ වී ගොවියා ගත්තාම, ඒ වීවලට ලැබෙන මිල ඇත්තටම මදි. නමුත් බත් කන ජනතාවගේ පැත්තෙන් බලපුවාම ඒ මනුස්සයාට ඒක දරන්නට බැහැ. මම දැක්ක ජනාධිපතිතුමා පොලිස් නිලධාරීන්ට කියනවා රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිකිරීමේ ක්‍රමයක් ගැන 2027 ජනවාරි, 2028 ජනවාරි, මට මේක මීට වැඩිය ගෙවන්න ක්‍රමයක් නැහැ කියලා. නමුත් ඔබතුමා මේ පිළිබඳව තව සැරයක් හිතන්න. ප්‍රංශයේ ජනාධිපතිවරයෙක් බලයට පත්වුණු ගමන්ම කළේ පොලීසියේ පඩි තුන් ගුණයකින් වැඩි කළා. ඒ කරලා නීතිය ක්‍රියාත්මක කළා. රටේ මිනිස්සුන්ට තුන් ගුණයක් වෙන්න ආදායමක් එකතු වුණා. ඒක තමයි දේශපාලනය. ඒක නිසා ඔබතුමාලාට, පවතින රජයට, හෙට ජනතාව වෙනත් නායකයෙක් පත් කළොත් අපි රටේ ප්‍රධාන පුරවැසියන් වශයෙන් අපි අපේ සහයෝගය දිය යුතුයි. නමුත් ඒ සහයෝගය දීලා කරන්න පුළුවන් කාලයකුත් දැන් විනාශ වෙලා ගිහිල්ලා, මේ රට වෙනත් ලෝකයේ බලවත් රටවල යටත් විජිතයක් බවට පත්වෙන අවසාන තැනට ඇවිල්ලා වගේ පේන ගතියක් මට තියෙනවා. ඒක නිසා දේශපාලන ගැටලු අපි පස්සෙ විසඳාගමු. රටක් තුළ නීතියක් ක්‍රියාත්මක විය යුතුමයි. දැනට අපිට මෙයා හොඳ නෑ අරයා ගෙනල්ලා බලමු, මෙයා ගෙනල්ලා බලමු කියන්න එකෙක්වත් නෑ. මේ ඩඩ්ලි සිරිසේන කියන්නෙ. ඔය විපක්ෂයේ ඉන්න හැම එකා එක්කම මං ඔක්කොම කරලා තියෙනවා මේ රට ගොඩගන්න, පුළුවන් නම් ඒ එකෙක්ට හරි කියන්න මං මහජන මුදල් ගන්න ඒ එකෙක් ළඟ හරි ඇවිල්ලා හඬාවැටිලා තියෙනවාද, හිඟාකාලා තියෙනවාද, යෝජනා කරලා තියෙනවාද කියලා ? මම එහෙම කරපු කෙනෙක් නෙවෙයි. මේ රට වෙනුවෙන්, රටේ දියුණුව වෙනුවෙන් ඔහෙලා ඔක්කොටම මාර විදියට උදව් කරලා අර මොකක්ද එකක් කරපු එකෙක් තමයි මම. හැබැයි මං දැන් තේරුම් අරන් තියෙනවා, මට දැන් තේරුම් අරගෙන කරන්න වැඩි කාලයක් නැති බවත් තේරෙනවා”
ඩඩ්ලි සිරිසේන මහතා මේ බව පැවසුවේ පෙරේදා (04) ගම්පහ, යාගොඩදී පැවති උත්සවයක් අමතමිනි.
