සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ ආගමන හා රේගු බලාත්මක කිරීමේ නිලධාරින් විසින් ජෝර්ජියාවේ හයිවුන්ඩායි සහ කියා(Hyundai and Kia) කාර් බැටරි නිෂ්පාදනය කිරීම සඳහා ඉදිකරමින් පවතින කර්මාන්ත ශාලාවක සිදු කරන ලද දැවැන්ත වැටලීමකදී කම්කරුවන් 475 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සේවකයින්ට නීතිවිරෝධී ලෙස දේශ සීමාව තරණය කිරීමෙන් හෝ වීසා කාලය ඉක්මවා රැඳී සිටින බව එක්සත් ජනපදයේ ආගමන හා රේගු බලාත්මක කිරීමේ නිලධාරින් විසින් තහවුරු කර තිබේ.
කෙසේ නමුත්, මේ සමබන්ධයෙන් දකුණු කොරියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලී ජේ-වූං විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, එක්සත් ජනපදයේ ආයෝජනය කරන අපගේ සමාගම්වල ආර්ථික ක්‍රියාකාරකම් සහ අපගේ පුරවැසියන්ගේ අවශ්‍යතා එක්සත් ජනපද නීතිය ක්‍රියාත්මක කිරීමේදී අනවශ්‍ය ලෙස උල්ලංඝනය නොකළ යුතු බවත්, අපගේ ජාතිකයන් බොහෝ දෙනෙකු රඳවාගෙන සිටීම පිළිබඳව කනස්සල්ල පළ කළ බවත්ය.
මෙම අත්අඩංගුවට ගැනීම් වොෂින්ටනය සහ එක්සත් ජනපදයේ ප්‍රධාන සගයෙකු සහ ආයෝජකයෙකු වන සෝල් අතර හොඳ හිත පලුදු කළ හැකි අතර ඔවුනොවුන් මේ වන විටත් ඩොලර් බිලියන 350 ක ආයෝජන ඇතුළත් වෙළඳ ගිවිසුමක් සම්බන්ධයෙන් ද මතභේදයට පත්ව සිටියි. මේ සමබන්ධයෙන් විශ්ලේෂකයන් සඳහන් කරන්නේ, ධවල මන්දිරය විදේශීය ආයෝජකයින්ගෙන් වැඩි ගලා ඒමක් ඇති කිරීමට උත්සාහ කරන අතරතුර, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමූහ පිටුවහල් කිරීමේ න්‍යාය පත්‍රය ව්‍යාපාර කෙරෙහි ඇති කරන කඩාකප්පල්කාරී බලපෑම ද පෙන්නුම් කරන බවයි.
හයිවුන්ඩායි මෝටර් යනු දකුණු කොරියානු මෝටර් රථ සමාගමක් වන නමුත් බොහෝ ජාත්‍යන්තර කම්හල් ඇති සමාගමක් වන අතර මෙම මෙහෙයුම එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (DHS) ඉතිහාසයේ විශාලතම තනි-ස්ථාන බලාත්මක කිරීමේ මෙහෙයුම බවත් කියවේ.