ඉහළ පළිබෝධනාශක අඩංගු ඉන්දීය තේ නැවත හැරේ

Date:

අධික වශයෙන් පළිබෝධනාශක හා රසායනික ද්‍රව්‍ය එක් කිරීම හේතුවෙන් ඉන්දීය තේ තොගයක් දේශිය හා ජාත්‍යන්තර ගැනුම්කරුවන් විසින් ප්‍රතික්ෂප කර ඇති බව ඉන්දීය තේ අපනයනකරුවන්ගේ සංගමයේ (ITEA) සභාපති Anshuman Kanoria විසින් ඊයේ (11) දින ප්‍රකාශයට පත් කර තිබිණි.

ලෝකයේ සිව්වන තේ අපනයන කරුවා වන ශ්‍රී ලංකාවෙන් 2013 වසරේ දී කිලෝ ග්‍රෑම් මිලියන 340ක ඉහළ ම නිෂ්පාදනය වාර්තා වූ අතර, එමගින් ආර්ථිකයට ඇ.ඩො. බිලියන 1.5 කට අධික ප්‍රමාණයක් සපයමින් දළ දේශීය නිෂ්පාදනය 2% කින් වර්ධනය කිරීමට දායක වී තිබේ. නමුත් ශ්‍රී ලාංකීය තේ සැපයුම මේ වන විට ගැටලුකාරීය. එබැවින් ශ්‍රී ලාංකීය තේ වෙනුවෙන් පවතින ඉල්ලුම ඉන්දියාවට ලබා ගැනීමේ අටියෙන් තේ අපනයන මණ්ඩලය සිය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම අපේක්ෂා කරයි. ඔවුන් 2021 වසර තුළ ඉන්දියාව රුපියල් කෝටි 5,246.89 ක තේ අපනයනය කර ඇත.

ඉන්දියාව තුළ අළෙවිවන සියලුම තේ ඉන්දියාවේ ආහාර සුරක්ෂිතතා සහ ප්‍රමිති අධිකාරියේ (FSSAI) ප්‍රමිතීන්ට අනුකූල වේ.

නමුත් මේ වන විට ඉන්දීය තේ තොග ප්‍රතික්ෂප වෙමින් ඇත. මේ හේතුව නිසා නැවුගත කිරීම් ද අඩු වී ඇත.

ඉන්දියාව විසින් 2021 වසරේ දී තේ කිලෝග්‍රෑම් මිලියන 195.90ක් අපනයනය කර ඇත. එවකට ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවන් වූයේ පොදුරාජ්‍ය මණ්ඩලීය ස්වාධීන රාජ්‍ය (CIS) ජාතීන් සහ ඉරානයයි. මෙම වසරේදී තේ කිලෝ ග්රෑම් මිලියන 300 ලබා ගැනීම මණ්ඩලයේ අපේක්ෂාව වේ.

මේ වන විට බොහෝ රටවල් තේ සම්බන්ධයෙන් විවිධ නීති අනුගමනය කරමින් සිටියි.

ඉන්දීය තේ නිෂ්පාදන ආයතන රජයෙන් ඉල්ලා සිටින්නේ ඉන්දියාවේ ආහාර සුරක්ෂිතතා සහ ප්‍රමිති අධිකාරියයේ (FSSAI)නියාමනයන් වඩාත් ලිහිල් කර දෙන ලෙසයි.

අපනයනය කරන රටවල ප්‍රමිතීනට අදාළව මෙම තේ නිෂ්පාදනය විය යුතු අතර ආහාර සුරක්ෂිතතා සහ ප්‍රමිති අධිකාරියයේ සම්මතයන්ද පිළිපැදීම අනිවාර්ය‌ වේ.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...

ලාංකේය පාපන්දුවට නේපාලය ඉදිරියේත් 8 – 0 ක පරාජයක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ලොව අංක 100 කාන්තා...