රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින් දියත් කරන ලද විශාල ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් කියෙව්හි අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

මෙම ගොඩනැගිල්ල යුක්රේනයේ කැබිනට් මණ්ඩලයේ නිවහන වන අතර එහි අමාත්‍යවරුන්ගේ කාර්යාල පිහිටා ඇත.

ඊයේ(06) රාත්‍රියේදී එල්ල කරන ලද ඩ්‍රෝන යානා සහ මිසයිල හේතුවෙන් ළදරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 18 දෙනෙකු ද තුවාල ලබා ඇති අතර රුසියාව මෙතෙක් නගර මධ්‍යයේ රජයේ ගොඩනැගිලි ඉලක්ක කර ගැනීමෙන් වැළකී සිටි අතර මෙම ප්‍රහාරය 2022 දී යුක්රේනය පූර්ණ පරිමාණයෙන් ආක්‍රමණය කිරීමෙන් පසු එල්ල වූ විශාලතම ඩ්‍රෝන් ප්‍රහාරය බව කියවේ.

මෙහිදී යුක්රේනය පුරා ස්ථාන 37ක මිසයිල ප්‍රහාර නවයක් සහ ඩ්‍රෝන් ප්‍රහාර 56ක් වාර්තා වී ඇති අතර යුක්රේන ගුවන් හමුදාවේ ප්‍රකාශයකට අනුව යුක්රේනය විසින් රුසියාව එල්ල කරන ලද ඩ්‍රෝන යානා 747ක් සහ මිසයිල හතරක් වෙඩි තබා නිෂ්ක්‍රීය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...