පාතාලයේ අක්මුල් නෑර ඔක්කොම හොයාගෙන ඉවරයි. දැන් සුද්ධ කරන්න පටන් අරන් තියෙන්නෙ – ඇමති සමන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට පාතාලයේ අක්මුල් නෑර සියල්ලම සොයාගෙන අවසන් බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“පහනක් වුණත් නිවෙනකොට අවසානයේ ගැස්සි ගැස්සි යනවා කියනවානෙ, පාතාලයටත් ඒක වෙලා තියෙන්නෙ, දූෂිත දේශපාලනයටත් ඒක වෙලා තියෙන්නෙ. පහුගිය කාලෙ පාතාලය කියන එක වෙනම තිබුණා නෙවෙයි. පාතාලය දේශපාලනයත් එක්ක පෝෂණය වුණා. ඉතින් දෙකේ අර්බුදය එනකොට ඒ කට්ටිය දැන් එකිනෙකා ඇනකොටා ගන්නා තත්වයට පත්වෙලා තියෙනවා. කොහොමවුණත් අපි කියන්නෙ පාතාලය ලංකාව ඇතුළෙ විතරක් නෙවෙයි ක්‍රියාත්මක වුණේ, ඒක එළියටත් තිබුණා. දැන් අක්මුල් නෑර ඔක්කොම හොයාගෙන ඉවරයි. දැන් තියෙන්නෙ එකින් එක සුද්ධ කරන්න. ඒ කාර්යය පටන් අරන් තියෙන්නෙ. මම දන්නවා රටේ ජනතාව මේක දැන් පැහැදිලිව තේරුම් අරන් තියෙනවා පාතාලයට දැන් සමාවක් නෑ කියලා. ඒ හින්දා අනිවාර්යයෙන්ම පාතාලය සුද්ධ කරන එක සුද්ධ කරනවා”

සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (07) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරුද්ධ ලොකුහපුආරච්චිගේ ගෝලීය ජායාරූප සන්නිවේදනය ශ්‍රී ලාංකීය අත්දැකීම් ඇසුරෙන් කෘතිය ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ප්‍රවීණ...

නේපාල අගමැති ඔලි ඉල්ලා අස්වීම මධ්‍යයේ නේපාල තරුණයන් පර්ලිමේන්තුවට ගිනි තබයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දූෂණයට හා...

නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?

කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...