කරට කර සටන් කිරීමේ හැකියාව තබා ගෙන අන්ත විදිහට පැරදීම

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW:

අවුරුදු 24 න් පහළ 2026 ආසියානු තරගාවලියට ක්‍රීඩා කරන පාපන්දු කණ්ඩායම් අතරට එක්වීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව තවත් ඈථට තල්ලු කරමින් සුදුසුකම් ලැබිමේ තරගාවලියේ දෙවන පරාජයත් අත් විඳින්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිඳු වුණා.පළමු තරගයේදී උස්බෙකිස්තතානය වෙතින් 4-0 ක් ලෙස පරාජය ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ඊට වඩා දරුණු පරාජයක් අත් කර දෙන්නට පලස්තීනය සමත් වුණා.එම තරගයේ ගෝල සටහන දැක් වුණේ 5-0 ක් ලෙසයි.
මෙම තරගයේ පළමු විනාඩි පහ ගෙවෙන්නටත් මත්තෙන් ගෝල ලැබීම ආරම්භ කරන්නට පලස්තීනය සමත් වුණා.ඒ දඬුවම් පහරකින්.එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳ සටනක් දෙමින් පළමු තරගයට වඩා වෙනස් ආකාරයකින් තරගයට මුහුණ දෙමින් ආක්‍රමණික ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළා.එම ආක්‍රමණයේදී මොහොමඩ් උමාර්,ඇන්තනී,අබ්දූල් අසීස් පලස්තීනුවන්ට සෑහෙන බලපෑමක් එල්ල කළා.එහෙත් පලස්තීනය අභිබවා සිටිය හැකි අවස්ථාවන් ගණනාවක් මඟ හැරී ගිය නිසා ශ්‍රී ලංකාව ඉදිරියේ ගෝල සටහන් වීම වැළකී ගියා.විශේෂයෙන්ම මොහොමඩ් උමාර් අතින් ගිලිහී ගිය අවස්ථාවන් ඒ අතින් කැපී පෙණුනා.
දෙවන භාගයේදී ද ආරම්භක විනාඩි දෙක ගෙවෙන්නට මත්තෙන් පලස්තීනය ක්‍රියාත්මක වෙමින් ගෝල 2-0 ක් ලෙස ඉදිරියට ගියත් ශ්‍රී ලංකාව ප්‍රබල සටනක් දෙමින් තරගයේ රැදී සිටියා.එහෙත් 72 වන විනාඩියේදී පලස්තීනය වාර්තා කළ ගෝලය ඔවුන්ගේ හැකියාවට වඩා ශ්‍රී ලංකා දැල රකින්නාගේත් ආරක්ෂක පෙළෙත් නොසැළකිල්ලෙන් වූ දෙයක් බව පැහැදිළිව දකින්නට ලැබුණා. දෙවන ගෝලය ද වැටෙන්නේ පලද්තීන දක්ෂතාවය අභිබවා ශ්‍රී ලංකාවේ නොසැළකිල්ල විසින් ලබා දුන් ගෝලයක් හැටියටයි. එහෙත් දැල රකින අහමඩ් ෂරීෆ් අදක්ෂයෙකු වුණානම් මීට වඩා ගෝල ප්‍රමාණයක් පලස්තීනයට ලැබෙන්නටත් තිබුණා.එහෙත් 72 වන විනාඩියේ සිට තරගය නිමා වන තෙක් කාලය තුළ ෂරීෆ්ව පරයමින් පලස්තීන ක්‍රීඩකයින් ගෝල 3 ක් ලබා ගත්තා.
ගෝල ප්‍රමාණයෙන් සාමාන්‍ය අදහස ලෙස කණ්ඩායමේ ආරක්ෂක පෙළ සහ දැල රකින්නාගේ හැකියාව මැන ගැනීම සම්ප්‍රදාය වුව ද,මේ තරගයේදී පෙර පෙළ ක්‍රීඩකයින් තමන්ට ගෝල ලබා ගැනීමට ලැබුණු අවස්ථාවන් නිවැරදිව කළමණාකරණය කර ගනිමින් සංයමයෙන් යුතුව සිය හැකියාව භාවිතයට ගත්තේනම් ප්‍රථිපලය මීට වඩා වෙනස් වන්නට තිබුණා.
ආක්‍රමණික පළපුරුදු පෙර පෙළක පීඩනය පාලනය කරන අතරේ තම කණ්ඩායමේ පෙර පෙළ නිවැරදිව ලැබෙන අවස්ථාවන් ප්‍රයෝජනයට නොගන්නේනම් එහි දැඩි පීඩනයක් කණ්ඩායමේ ආරක්ෂක පෙළට සහ දැ රකින්නාට ද යොමු වෙනවා.මේ තරගයේදී ඒ බ තත්ත්වය දකින්නට ලැබුණා.එයින් ශ්‍රී ලංකා පෙර පෙළ ක්‍රීඩකයින් අදක්ෂ බවක් නොකියන අතර ලැබෙන පන්දුව වඩාත් පලදායී අවසානයක් කරා ගෙන යාමට නොහැකි වූ කාරණය මත ශ්‍රී ලංකාව ඉදරියේ සටහන් විය යුතුය තිබුණු ගෝල ප්‍රමාණයක් මඟ හැරී යාම සිඳු නොවුණේනම් මෙම ප්‍රතිපලය මීට වඩා වෙනස් වන්නට තිබුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෝඨාභයට සහ රනිල්ට එරෙහි පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර!

කොළඹ LNW:දේශගුණ විපර්යාසවලින් ජනතාව පීඩාවට පත්වීම අවම කිරීම සඳහා...

ජේරුසලමේ වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජේරුසලමේ අද(08)...

ප්‍රසන්න රණවීරට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : අද (08)...

අපි භාරගත්ත රාජ්‍යයේ තරම දැන් ඔබට පේනවා ඇති!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා රටට ගෙනවිත් තිබෙන රසායනික...