වසර පහකට අපට දෙන්න, අපි මේ රට ගොඩනගනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සැබෑ ජනමතයක් තුළින් වසර පහක් තුළ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය මේ රට අනිවාර්යෙන්ම ගොඩනඟන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආණ්ඩුව අමු අමුවේ ජනමතය උල්ලංඝනය කොට ජනමතයට පයින් ගැසූ බවත් ජනතා ඉල්ලීම් පාවා දුන් බවත් පැවසූ විපක්ෂ නායකවරයා අසාර්ථක ආණ්ඩුව අද වන විට ඇඳුම් මාරු කරමින්, එක එක චරිත මාරු කරමින් බලය තහවුරු කර ගන්නට උත්සාහ කළත් එයින් මේ රට විනාශ වන ගමන නවතින්නේ නැති බවත් පෙන්වා දුන්නේය.

ඒ අනුව, නව ජනමතයක් තුළින් මේ රට ගොඩනැඟිය යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා පැලැස්තරවලින් රට ගොඩ නැගිය නොහැකි බවත් අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ පුවක්පිටිය පෙන්ද්‍රික් වතුයායේ ජනතාව වෙනුවෙන් පානීය නල ජල පද්ධතියක් ලබාදීමේ අවස්ථාවට ඊයේ (11) එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...