ජේරුසලමේ වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජේරුසලමේ අද(08) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් 12 දෙනෙකු තුවාල ලබා ඉන් හත් දෙනෙකුගේ තත්වය බරපතල බව වාර්තා වේ.

මෙම අනතුර සිදුවූ ස්ථානයට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාර් බෙන්-ග්විර් පැමිණ ඇති අතර ප්‍රහාරයේ වගකීම හමාස් සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය විසින් භාරගෙන නොමැති නමුත් ප්‍රහාරයට සුබ පැතුම් එක්කර ඇත.

ප්‍රහාරයත් සමඟ ජෙරුසලමේ පලස්තීන ගම්මානවන කටානා, බිද්දු, බෙයිට් ඉනාන් සහ බෙයිට් ඩුක්හි විශේෂ වැටලීමක් සිදුකර ඇති අතර ඊශ්‍රායල පොලිසිය සඳහන් කර තිබුණේ, වෙඩි තැබීම සැක සහිත ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස විශ්වාස කරන බවයි.

කෙසේ නමුත්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගාසාහි සාම ගිවිසුමට එකඟ වන ලෙස අවසාන වශයෙන් හමාස් සංවිධානයට අනතුරු අඟවන බවට ප්‍රකාශයක් නිකුත්කර දිනක් යාමටත් මත්තෙන් මෙම වෙඩි තැබීම සිදුවීම කාගේත් කතාබහට ලක්ව ඇත,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...