100% ඵලදායී පිළිකා එන්නතක් රුසියාවෙන්?

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

100% ඵලදායී පිළිකා එන්නතක්? රුසියාවේ Enteromix අත්හදා බැලීම්වල සාර්ථකත්වයක් අත්කර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිළිකාවට එරෙහිව සටන් කරන ආකාරය වෙනස් කළ හැකි එන්නතක් පිළිබඳව පුවත් මැවෙමින් පවතී. ඒ රුසියාවේ එන්ටරොමික්ස් පූර්ව සායනික අත්හදා බැලීම් වලදී 100% ක කාර්යක්ෂමතාවයක් අත්කර ගෙන ඇති අතර, එය ආරක්ෂාව සහ ශක්තිමත් පිළිකා මර්දන හැකියාවන් පෙන්නුම් කරන බව ටාස් වාර්තාවක දැක්වේ.

“පර්යේෂණය වසර ගණනාවක් පුරා පැවති අතර, අවසාන තුන අනිවාර්ය පූර්ව සායනික අධ්‍යයනයන් සඳහා පැමිණ ඇත.එන්නත දැන් භාවිතයට සූදානම්; අපි නිල අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටිමු, එන්නත නැවත නැවත ලබා දීම ආරක්ෂිතව පවතින බවත්, ආකර්ෂණීය ප්‍රතිඵල පෙන්නුම් කරන බවත් වාර්තා කරයි.

මින් පිළිකා වර්ධනය 60-80% කින් මන්දගාමී වූ අතර, පිළිකා ප්‍රමාණයේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබුණු බවද වාර්තා වේ. මෙහි පළමු ඉලක්කය මහා අන්ත්‍ර පිළිකා පිළිබඳවයි. මෙම එන්නතෙහි මූලික අවධානය යොමු වන්නේ ලොව පුරා පිළිකා ආශ්‍රිත මරණ සඳහා ප්‍රධාන හේතුවක් වන මහා අන්ත්‍ර පිළිකා කෙරෙහි ය.

නමුත් පර්යේෂණ එතැනින් නතර නොවේ. විද්‍යාඥයින් විසින් ඉතා ආක්‍රමණශීලී මොළයේ ගෙඩි සහ අක්ෂි මෙලනෝමා ඇතුළු නිශ්චිත මෙලනෝමා වර්ග සඳහා විසඳුම් සොයමින් සිටින අතර, ඒ සියල්ල අධ්‍යයනයේ උසස් අවධියේ පවතින බව පැවසේ. ඇමරිකානු පිළිකා සංගමයට අනුව, මුත්‍රාශයේ සහ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා සඳහා සමහර පිළිකා එන්නත් දැනටමත් පවතින අතර, HPV එන්නත පිළිකා වර්ග කිහිපයක් ඒවා ආරම්භ වීමට පෙර වළක්වයි. කෙසේ වෙතත්, එන්ටරොමික්ස්, ශරීරයේ ස්වාභාවික ආරක්ෂාව වඩාත් බලවත් කරමින් පිළිකාවට සෘජුවම ප්‍රතිකාර කිරීම සඳහා නිර්මාණය කර ඇති චිකිත්සක එන්නත් වර්ධනය වන පෙළකට අයත් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරුද්ධ ලොකුහපුආරච්චිගේ ගෝලීය ජායාරූප සන්නිවේදනය ශ්‍රී ලාංකීය අත්දැකීම් ඇසුරෙන් කෘතිය ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ප්‍රවීණ...

නේපාල අගමැති ඔලි ඉල්ලා අස්වීම මධ්‍යයේ නේපාල තරුණයන් පර්ලිමේන්තුවට ගිනි තබයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දූෂණයට හා...

නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?

කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...