දිවයින පුරා පිහිටි පාසල් විද්‍යාගාර වෙනුවෙන් මිලියන 500ක් වෙන් කරයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 ,කොළඹ LNW :

දිවයින පුරා පිහිටි 1AB ගණයේ සහ 1C ගණයේ පාසල් විද්‍යාගාරවල උපකරණසහ රසායනික ද්‍රව්‍ය මිලදීගැනීම වෙනුවෙන්  2025 වර්ෂයේ ද්වීතීක අධ්‍යාපන ආංශික වැඩිදියුණු කිරීමේ වැඩසටහන (SESIP) යටතේ පාසල් පාදක ප්‍රදානයක් ලෙස මිලියන 500ක මුල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ විද්‍යා අංශය මගින් මේ වනවිට අදාල ප්‍රතිපාදන  පාසල් සංවර්ධන සමිති ගිණුම් වෙත බැර කරමින් පවතින අතර පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගෙන ප්‍රතිපාදන වෙන් කිරීම සිදුකෙරේ.

මෙහිදී පාසලකට ලැබෙන උපරිම මුදල රුපියල් මිලියනයක්  වන අතර අවම මුදල රුපියල් 40,000 කි.            

විද්‍යා අධ්‍යාපනයේ ප්‍රවර්ධනය හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි අවධානයක් ලබාදීමත්,  ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට අවශය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමත් මෙහි අරමුණයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...