ඉන්දියාව හා චීනය වෙනුවෙන් 100%ක බදු පනවන ලෙස ජනධිපති ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාව හා චීනය වෙනුවෙන් 100%ක බදු ඉහල නංවන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ෆිනෑන්ෂල් ටයිම්ස්, බීබීසී සහ බ්ලූම්බර්ග් යන මාධ්‍ය වාර්තාවන්ට අනුව ඊයේ(09)දිනයේදී එක්සත් ජනපද සහ යුරෝපා සංගම් නිලධාරීන් එක්ව රුසියාව මත ආර්ථික පීඩනය වැඩි කිරීම සඳහා විකල්ප සාකච්ඡා කරමින් සිටින අවස්ථාවකදී එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙම යෝජනාව කර ඇත.

ඇලස්කාවේ පුටින් සමඟ ඉහළ පෙළේ සමුළුවක් ඇතුළුව සාම ගිවිසුමක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් ඔහු කලකිරීමට පත්ව සිටීම, පසුගිය සතියේ යුක්රේනයට එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාරය ඇතුළුව රුසියාව වැඩිවන ඩ්‍රෝන ප්‍රහාර මෙන්ම රුසියානු තෙල් මිලදී ගැනීමට ප්‍රතිචාර වශයෙන්, එක්සත් ජනපදය ඉන්දියානු ආනයන සඳහා තීරුබදු 50% දක්වා ඉහල දැමීමත් සමඟ ෂී ජින්පින් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ෂැන්හයි හිදී හමුවී දෙරට අතර සම්බන්ධතාවය ශක්තිමත් කරගැනීම ආදී ගෝලීය වශයෙන් විවිධ වෙනස්කම් රැසකින් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් මෙම යෝජනාව කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...