ලොව ධනවත්ම පුද්ගලයා වශයෙන් එලෝන් මසක්ට තිබු කිරුළ ලැරී එලිසන්ට හිමි වී නැවත මසක් සතුවේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව ධනවත්ම පුද්ගලයා වශයෙන් එලෝන් මසක්ට තිබු කිරුළ ඔරකල් (ORCL) AI සම-නිර්මාතෘ ලැරී එලිසන්ට හිමිවී දිනය අවසානයේ නැවත එලෝන් මස්ක්ටම හිමිව තිබේ.

බ්ලූම්බර්ග් හා ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට අනුව, 2025 සැප්තැම්බර් 10 වන දින වන විට ඔරකල් (ORCL) AI හි විශ්මයජනක ලෙස ශක්තිමත් ඉපැයීම් වාර්තා කර ඇති අතර එලිසන්ගේ ධනය පැය කිහිපයකින් ඩොලර් බිලියන 89 කින් ඉහළ ගොස්, ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 383.2 ක් දක්වා වර්ධනයව ඇත.

දිනය අවසානයේ කොටස් වෙළඳපොල වසා දමන විට එලෝන් මස්ක්ගේ වත්කම් ඩොලර් බිලියන 384.2ක් ලෙස සඳහන් වීමෙන් අනතුරුව නැවත වරක් ඔහු ඩොලර් බිලියන එකකින් ලැරී එලිසන් අභිබවා ගොස් තිබේ.

ඔරකල් (ORCL) AI හි කොටස් මේ වන විට 40%කින් ඉහල ගොස් ඇති අතර ඔරකල් හි විශාලතම තනි කොටස් හිමියා එලිසන්ගේ ශුද්ධ වටිනාකම එක් දිනක් තුළ වාර්තා වූ විශාලතම වටිනාකම් ඉහළයාම ලෙස සැලකේ,

81 හැවිරිදි එලිසන් හවායි දූපතක් වන ලනායි හි 98% ක කොටස් හිමිකාරිත්වයක් දරන අතර කැලිෆෝනියාවේ ඉන්දියන් වෙල්ස් ටෙනිස් තරඟාවලිය නැවත ආරම්භ කිරීම සඳහා ගෞරවය හිමි වන අතර එය “පස්වන ස්ලෑම්” යන අන්වර්ථ නාමය ලබා ගෙන ඇත. ඔහු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සමීපතමයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...