මාකදුරේ මධූෂ්ගේ ඝාතන සිද්ධිය යළි කරළියට. බිරිඳ විධිමත් පරීක්ෂණයක් ඉල්ලයි!

Date:

කොළඹ LNW: කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ සිටිය දී ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ මාකදුරේ මධූෂ් ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ඔහුගේ බිරිඳ වන ගයානි මුතුමාලි මහත්මිය විසින් පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

මාකඳුරේ මදුෂ් ඝාතනය කර වසර පහක ගතවී ඇතත් එම සිදුවීම සම්බධයෙන් සාධාරණය පරීක්ෂණයක් සිදුනොවුණු බවයි ඇය පෙන්වා දෙන්නේ.

”පොලිස් අත්අඩංගුවේ ඉඳල මේ විදිහට මියගිය එක ගැන තමයි තියන සැකය. අධිකරණයකින් දඬුවමක් දීලා එල්ලලා මැරුවත් කමක් නැහැ. සතෙක් වගේ පාරේ මරලා දාන තරමට වෙච්ච සිද්ධිය ගැන අනිත් එක අනෙක් පාතලෙන් කියන පිරිසගේ බයික් එක අහුවුණා. ඒ ගැනවත් අපිට කිසිම තොරතුරක්, සකකාරයෙක් ගැන මොනවත්ම තොරතුරක් හම්බුණේ නැහැ. සිද්ධිය වෙලා දැනට අවුරුදු පහක් වෙනවා. අපි සාධාරණයක් බලාපොරොත්තුව තමයි මේ ඉල්ලීම කළේ පොලිස්පතිතුමාට ලියුමක් ඉදිරිපත් කරලා.”

මෙම ඝාතනය වූ සමයේ ඒ ගැන කතාකිරීමට නොහැකියාවක් තිබුණ නමුත් වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් වන විශ්වාසය හේතුවෙන් උක්ත ඉල්ලීම සිදුකරන බව ඇය වැඩිදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...