නොමියෙන හඬක් ජීවමාන කළ Calum Scott – Whitney Houston ගේ සුසංයෝජනයක් සමඟින් “I Wanna Dance with Somebody (Who Loves Me)”

Date:

සටහන – පුලී

සැප්තැම්බර් 12, කොළඹ (LNW): ගෙවුන බ්‍රහස්පතින්දා, ඇගේ මරණයෙන් වසර 13 කට පසු විට්නි හූස්ටන් ගේ නව ගීතයක් කරළියට ඒම කාගේත් කතාබහට නතු වූ කරුණකි.

මෙම ගීතය ගායක කැලම් ස්කොට් සහ හූස්ටන් අතර යුගල ගායනයක් වන අතර එය හූස්ටන්හි මුල් ගායන වෝකල්ස් භාවිතා කරමින් කාලානුරූපී “I Wanna Dance with Somebody (Who Loves Me)” ගීතයේ නව අර්ථකථනයකි.



“එය හැකියාවක් ලෙස මට සිහිනෙන්වත් සිතිය හැකි දෙයක් නොවේ, මට එය කිරීමට ලැබීම මගේ වෘත්තීය ජීවිතයේ ගෞරවයක්,” ස්කොට් මේ පිළිබඳ ප්‍රකාශ කළේය.

හූස්ටන්ගේ කටහඬ මවගේ අනුග්‍රහයෙන් ඔහුගේ ළමා කාලය සුන්දර කල බවත් හෙතෙම පැවසීය.

මෙවැනි කටයුත්තක් බොහෝ පාර්ශවයන්ගේ අනුමැතියකින් තොරව කළ නොහැකි වූ අතර විශේෂයෙන්, විට්නිගේ නෑනා සහ ඇගේ වතුයායේ විධායක නිලධාරියා වන පැට් හූස්ටන් සහ 2022 ගනුදෙනුවක කොටසක් ලෙස විට්නි හූස්ටන් ගීත සඳහා ප්‍රකාශන හිමිකම් ලබා ගත් ප්‍රයිමරි වේව් අනුමැතිය මීට අවශ්‍ය විය.

පැට් හූස්ටන් පවසන්නේ ස්කොට්ගේ “I Wanna Dance with Somebody (Who Loves Me” ගීතය සඳහා අදහස ඇත්ත වශයෙන්ම ප්‍රයිමරි වේව් වෙතින් පැමිණි බවයි. 2024 දී එඩ් ෂීරන් සඳහා ඔහුගේ මුල් අවධියේ සිට ස්කොට්ගේ ගීතමය ජවනිකාවන්ට ඔවුන් හුරුපුරුදු වූ බවත් පැවසීය.

ස්කොට් මෙම ගීතය 2025 හූස්ටන්ගේ සංගීත දිවියේ 40 වන සංවත්සරය සනිටුහන් කරන බව ද සැලකිල්ලට ගනිමින් එය සැමරීම සඳහා තවත් අවස්ථාවක් ලෙස මෙය හැඳින්වීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ තර්ජනවලට අපි සැලෙන්නේ නැහැ – එදිරිමාන්න

කොළඹ LNW: ආණ්ඩුව ගෙන යන දේශපාලන තර්ජනය හමුවේ තමන්...

මහනුවර බහුවිධි මාදිලි ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම්වල සීඝ්‍ර වර්ධනයක්!

කොළඹ LNW: මහනුවර නගරයේ පොදු ප්‍රවාහන සේවාවන් සියල්ල ඒකාබද්ධ...

ICCPR නිසා අමාරුවේ වැටුණු ගම්මන්පිලට ලැබුණු තීන්දුව!

කොළඹ LNW: හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මෙම අවස්ථාවේදී අත්අඩංගුවට...