මහබැංකු අධිපති නන්දලාල් ජනාධිපතිවත් අන්දලා ….

Date:

හිටපු මූල්‍ය ප්‍රධානියෙකු පසුගිය දිනක ජනාධිපතිවරයාව අමතා “ඇයි ජනාධිපතිතුමනි, ඔබතුමා අවසර දුන්නාද මේ ණය නොගෙවා පැහැර හරින්න ?” යනුවෙන් විමසා තිබිණි.

ජනාධිපතිවරයා ඊට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර ඇත්තේ “ආ … ඒක ඔයාලා ප්‍රශ්නයක් කරගන්න ඕනෙ නෑ, ඒක මේ Soft default එකක්නෙ” යනුවෙනි.

“කවුද සර් කිව්වේ ඕක Soft default කියලා ?” යැයි විමසීමේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ “මහබැංකු අධිපති ඩොක්ටර් නන්දලාල් තමයි කිව්වේ ඒකෙන් මොකුත් වෙන්නෙ නෑ, බය වෙන්න එපා කියලා. අපි Soft default එකකට ගියේ, මාත් දන්නවා” කියාය.

හිටපු මූල්‍ය ප්‍රධානියා එහිදී කරුණු පැහැදිලි කරමින් “සර්, default (ණය පැහැර හැරීම) වල ආයෙ සොෆ්ට්, හාර්ඩ් කියලා එකක් නෑ. ඩිෆෝල්ට් වුණාම ඩිෆෝල්ට් ම තමයි. දැන් මාස දෙකක් ගිහිල්ලාත් ඒකෙ ආනිශංසනේ අපට මේ විඳවන්න වෙලා තියෙන්නෙ” යැයි පවසා ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ණය පැහැර හැරීම සම්බන්ධයෙන් මෙවැනිම කතාවක් හර්ෂ ද සිල්වා මහතාත් සමගි ජන බලවේගයට ප්‍රකාශ කර ඇති බවත් අපට වාර්තා විය. ඔහු ප්‍රකාශ කර ඇත්තේ මේ ආකාරයෙන් ණය පැහැර හැරීම හොඳ දෙයක් බවත් මෙසේ නොකළා නම් Super default එකක් වීමට ඉඩ තිබුණු බවත් ය.

මේ ණය පැහැර හැරීමේ තීරණය නිවැරදි බව පවසමින් මහබැංකු අධිපතිවරයාට ප්‍රශංසා කළ විපක්ෂයේ එකම දේශපාලනඥයා වූයේත් හර්ෂ ද සිල්වා මහතා ය. දැන් ඔහුත් නන්දොඩවමින් සිටින අතර ඔහුට අප අභියෝග කරන්නේ නිශ්චිතව මේ ණය ගෙවීම් පැහැර හැරිය මොහොතේ පැවති තත්වය අනුව එය නිවැරදි වන්නේ කෙසේද යන්න ලියා එවන ලෙසය.

ඇත්තෙන්ම මේ තීරණයට නොයා ජුලි මාසය තෙක්ම ණය ආපසු ගෙවමින් තත්වය කළමනාකරණය කරගැනීමටත් ඒ අතරතුර IMF සාකච්ඡා සැලකියයුතු දුරක් ඉදිරියට ගෙනයමින් එකඟතාවකට පැමිණෙන්නටත් හැකියාව හොඳටම තිබුණු බව තතුදන්නා පාර්ශ්වයන්හි මතයයි.

ඒ අනුව මහබැංකු අධිපතිවරයා ජනාධිපතිවරයාව අන්දා ඇති අතර හර්ෂ ද සිල්වා මහතා විපක්ෂය අන්දා ඇත. දෙගොල්ලන්ගේම පහසු ඇන්දීම අස්සේ රටට හතේ හත වැදී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...