තමන් දේශපාලනයට පිවිසෙන විට අත්හළ මාසික ආදායම රුපියල් ලක්ෂ 12ක් බවත් තමන් දේශපාලනය කරන්නේ සියල්ලන්ටම හොඳින් ඉගෙනගෙන හොඳ ව්‍යවසායකයෙක් වී ඉහළ ආදායමක් ලබාගැනීමේ අවස්ථාව ලබාදීමට බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
ඒ මහතා සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.
මගේ රට වෙනස් වෙනවා දකින්න කොච්චර කලක් පෙරුම් පිරුවද ? මජර දූශිත දේශපාලනය සදහටම ඉවර කලා, දේශපාලනය ව්‍යාපාරයක් කරගත් දේශපාලකයන් සදහටම අහෝසි කලා, ඒ පිළිබඳ අවංක නිහතමානී සතුටක් තියෙනවා.
අපි වගේ වෘතිකයන්ට අපුලක් නැතිව සම්බන්ද වෙන්න පුළුවන් පක්ශයක් හැදුවෙ ජනතා විමුක්ති පෙරමුණ. ඒ ස්වෙච්ඡා සංවිදානය හා එහි විනය ආයේ මේ මහපොලවේ කාටවත් සම කරන්න වෙන්නෙ නෑ. ඉතාම ශක්තිමත් හර පද්දතියක් හා මූල්‍ය විනයක් අදටත් ජවිපෙ වගේම මාලිමාවෙ අපි කවිරුත් පිළිපදිනවා.
අපි අපේ වත්කම් හා ධනය දේශපාලනට ගෙනාවෙ නෑ වගේම දේශපාලනයෙන් කිසිදු ධනයක් පුද්ගලික ජීවිතයට ගොඩගහගන්නේ නෑ කියන සරල රීතියට එකඟ වෙච්ච් මිනිස්සු.
මම කොළඹ දිස්ත්‍රික්යේ 126,000ක් ඡන්ද ගත්තෙ මගේ දරුවන්ට හෝ මට අයිති මුදල් වියදම් කරල නෙමේ.
අපේ සාමුහිකය කල ශ්‍රම ධන කැපකිරීම් වලින්, අපි ශ්‍රමය දුන්න අපේ ශ්‍රමය ප්‍රතිලාබ නොලබා දෙන නිසා අපේ ව්‍යාපාරයට ආදරේ අය ධනය දුන්න ඒක හෙටත් එහෙමයි. ඉහත එක මනාපයක්වත් මට පුද්ගලිකව අයිති නෑ.
මේ දේශපාලන ව්‍යාපාරය හා සංස්කෘතිය වෙන කාටවත් ගොඩනගන්න බෑ ඒ නිසා ඒ අය සෑහෙන වේදනාවෙන් වෛරයෙන් පෙළෙන බවක් පේනවා.
ලංකාවෙ පළවෙනි වතාවට දේශපාලනය කරන අයගේ වත්කම් බැරකම් මහජනතාව දකිනවා, පරම්පරාවක් ලෙස සතුටු විය යුතුයි,
දේශපාලන බලය දේශපාලනය භාවිතා කරල ධනය උත්පාදනය කරල ඒ අනිතික ධනය ඡන්ද බවට පත්කල අයට කතිරේ ගහපු මිනිස්සු අද අපේ වත්කම් වලට වෛර කරනවා,
ඇත්තට ඒනම් හෙනම ඇරියස් එකක්,
මාලිමාවෙ දේශපාලනය කරන බහුතරයක් ඉතා ඉහලටම ඉගෙන ගත්ත අය, විවිධ පවුල් පසුබිම් වලින් ආපු අය, අපි ස්වෙච්ඡා දේශපාලන තොරන්නෙම අපිට අපේ ජීවිතය කළමනාකරණය කරගන්න අවශ්‍ය ආදායම් අපේම වටපිටාවෙන් අනීතික නොවන ලෙස සකසා ගන්න පුලුවන් කියන විශ්වාස ඇතිව,
එහෙම අපහසු අයට පක්ශයෙන් සහය වෙනව කියන විශ්වාසයට.
අනෙකෙ ඊයෙ ඉදල දැක්ක දෙයක තමයි අපේ රටේ පුරුෂාධිපත්‍යයේ හීනමානය, සමහරු හිතනවා පවුලක ධනය උත්පාදනය කරන්න පුලුවන් පිරිමියට පමණයි කියල, ඒ වගේම තමගේ ජීවිතේ සාධාරණව ධනය උත්පාදනය කරගන්න හෝ කළමනාකරණය කරගන්න බැරි වීම අනෙකාගේ අවුලක් බව.
අපි සමහරු වෘතියෙන් ධනය උත්පාදනය කලා, සමහරුන්ට පවුලේ දායාදයෙන් ලැබුනා සමහරුන්ට මේ දෙකම තියෙනවා. දැන් අපේ සන්තකයම මහජනතාව දන්නවා..
මම හිතන්නෙ ඒක තමා සාධනීයම කාරනය.
පක්ශෙ සමහර සහෝදරවරු විශ්ව විද්‍යාලය කාලේ ඉදන්ම කැපවෙලා ස්වෙච්ඡා දේශපාලනය කලා, ඒ කැපකිරීම අප කාටවත් කරන්න බෑ. අපි සමහරු අපේ දරුවන්ගේ අනාගත සුරක්ෂිත වෙන තරමට සාධාරණනව ධනය උත්පාදනය කරලා බදු ගෙවල වෘතියෙන් විශ්‍රාම අරන් දේශපාලනය තේරුවා.
හොදට ඉගෙනගන්න, හොද ව්‍යවසායකයෙක් වෙන්න මේකට හැමෝටම අවස්ථා හදන්න තමයි අපි දේශපාලනය කරන්නෙ,
මේ මොහොතේ ඒ හැකියාව තියෙන්නෙ 30%කට විතර. ඉතින් ඒ අයගෙන් දක්ෂ යට මාසෙකට මිලියනයක් හොයන එක මේ ආර්ථිකය ඇතුලේ එච්චර අමාරු නෑ. මම මේ දේශපාලනය තෝරනකොට අත් හල මාසික ආදායම රු ලක්ශ 12ක්, කුඩු බෙදලා හොරකම් කරල නෙමේ, වෘතීය කුසල තාවයෙන්. මම හිටපු ක්ශේත්‍රයේ අත්දැකීම් සහිත වෘතිකයෙක්ගේ සාමාන්‍ය වැටුප රු ලක්ශ 6ක් විතර වෙනවා.
දැන් අපි මේ රටේ Systems වෙනස් කරනවා, ආයෙ මජර දේශපාලනයට ඉඩක් නෑ කීවෙ ඒකයි, හැමෝගෙම වත්කම් ගැන හොයනවා, ඒ නිසා පරන දේශපාලනයේ බහුතරය හිරේ යන්නත්, බදු නොගෙවපු අය බදු ගෙවන්නත් සූදානම් වෙන්න ☺ අනිත් අය මහන්සි වෙලා ධනය උත්පාදනය කරන්න, අපි රජයක් ලෙස ඔබට අහිමිකල අධ්‍යාපනය හා ප්‍රාග්ධනය සම්පාදනය කරල, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගන්නම්.
අපිට වෛර කරන අයට අපි වගේ පොදු අරමුණුකට ස්වෙච්ඡාවෙන් මාසයක් වත් වැඩකරන්න බෑ 😂
~ චතුරංග අබේසිංහ
