සැකකාර පානදුරේ නිලංගගේ බැංකු ගිණුම් දෙකක් හරහා විශාල මුදල් සංසරණයක්?

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW :

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව, අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයට පත් කර සිටින පානදුරේ නිලංග නමැත්තාගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන මෙම සැකකරුගේ බැංකු ගිණුම් දෙකක් හරහා විශාල වශයෙන් මුදල් සංසරණය වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

මෙම සැකකරු විසින් සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් හා අනෙකුත් අපරාධ ක්‍රියා පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා එම බැංකු ගිණුම් දෙකේ මුදල් සංසරණය වී ඇති ආකාරය පිළිබඳ විමර්ශන සිදු කිරීමට අවශ්‍ය වී තිබෙන බව පොලිසිය පෙන්වා දී තිබේ

ඒ අනුව අදාල බැංකු ගිණුම් දෙක පරීක්ෂා කර වාර්තා කැඳවීම සඳහා අදාල බැංකු දෙකට නියෝග නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනතුරුව මෙම නියෝග නිකුත් කළ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රීලාට වැඩ කරන්න යන්න වාහනයක් නෑ. පහුගිය කාලෙ අත්පුඩි ගැහුවාට දැන් තමා අපිට තේරෙන්නේ – ඇමති රුවන්

පළාත් පාලන ආයතනවලට අලුතින් මහජන නියෝජිතයින් පත්වූවත් ඔවුන්ට ගමන්...

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 05) දිනයේදී ඌව සහ...

විපක්ෂ නායක සජිත් ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවෙයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක...