සැප්තැම්බර් 30 වන දින ඇරඹෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාව සමඟ සහයෝගයෙන් බෙදා ගැනීමට ශ්‍රී ලංකාවද ඉදිරිපත්ව සිටිනවා.මේ නිසා ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව දෙසට මේ තරගාවලිය හරහා හැරෙනවා.එහෙම ශ්‍රී ලංකාව දෙසට ලෝකය හැටරන මොහොතක තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දෙසට නිල අනුග්‍රාහකත්වය සමඟ හැරෙන්නට MeadowLea මාජරින් කල්පනා කර තිබෙනවා.
මාජරින් බොහෝ විට කාන්තාවන් අත වැඩිපුර ගැවසෙන ආහාරදාමයේ ස්ත්‍රී පුරුෂ බේදයකින් තොර රසය වඩවන සහ ගුණය දනවන ආහාර කොටසක් හැටියටයි ගැනෙන්නෙ.ඒ අනුව කාන්තා ක්‍රිකට් සඳහා MeadowLea ඉඳිරිපත්වීම තාර්කිකව ගත් විට හොඳ ව්‍යාපාරික තීරණයක්.
හැබැයි මෙතන ක්‍රිකට් හා පැහෙන MeadowLea සම්බන්ධ කාරණය තව විදිහකට අපට ගන්න පුළුවන් කතාවක් කියන්නෙ MeadowLea නිෂ්පාදන අපට සමීප කරන පිරමීඩ් විල්මර් පුද්ගලික සමාගමේ අලෙවි ප්‍රධානි නදීශා චන්ද්රෙස්කරයි.ඒ ප්‍රකාශය වානිජමය වන තරමටම ක්‍රිකට්මය අදහසකින් ද පෝෂිතයි.

අපේ අර්ථකථනයට අනුව ඔවුන් සතු ප්‍රභූ පංතියට වඩාත් සමීප ලෙස සැළකෙන,ජනප්‍රිය ෆෝර්චූන් සහ ෆොන්ඩ්රේ වැනි නිෂ්පාදන නාමයන් වෙනුවට ප්‍රභූ ක්‍රීඩාවක් හැටියට සැළකෙන ක්‍රිකට් වෙනුවෙන් MeadowLea පෙරට ගෙන ඒම අතර යම් විසංවාදයක් නැති ද යන්න ප්‍රශ්න කරන්නට සිඳු වුණා.ඇය මේ මොහොතේ ක්‍රිකට් පවතින තැන සමාජ දේශපාලනික දැක්මකින් තෝරා ගෙන ස්වීය වෘත්තිය සතු කුසලතාවයන් ප්‍රකට කරමින් MeadowLea සමඟ ක්‍රිකට් පාහන්නට තෝරා ගැනීම වැටහුණේ එවිටයි.
ක්‍රිකට් දැන් ගමට හුඟක් සමීපයි.විශේෂයෙන් කාන්තා ක්‍රිකට්.(තාර්කිකව ඇයගේ නිවැරදිභාවය තේරුම් ගන්නට “ඔසී තරුණියන්ට එරෙහිව පළාත් හයක සහ දිස්ත්‍රික් අටක නියෝජනයක් පෙළ ගැසෙයි“ යන අද අපේ සටහන යොදාගන්න)එවැනි තත්ත්වයක ග්‍රාමීය පරිසරය සමඟ මෙඩෝලි ජනප්‍රිය කරවන්න කාන්තා ක්‍රිකට් තමයි වැදගත්.

නදීශාගේ ඒ වචන අපව ක්‍රීඩාමය දේශපාලනය ඇතුළෙ ඇයට වෘත්තිමය වශයෙන් අදාළ නොවෙන තැනෙක පිහිටවනවා.ලංකාවෙ ක්‍රිකට් සංස්කෘතිමය වශයෙන් අත්කර ගෙන ඇති වෙනස පැහැදිළි කරනවා.වචනමය හරඹයක් බවට පත්වෙමින් තිබෙන ප්‍රභු සහ නිර්ප්‍රභූ යන දේශපාලන වචනාර්ථවල මිත්‍යාව මැද්දෙන් ක්‍රිකට් නිර්ප්‍රභූ පංතියේ අයිතියක් කරන්නට අවශ්‍යය සාධක සහ එම පංකියට ක්‍රිකට් මතින් ප්‍රභූත්වයට පත්වීමේ සමාජ වපසරිය ක්‍රිකට් පරිපාලනය විසින් ස්ථාපිත කරමින් සිටිනවා.

මෙන්න මේ නාඩිය වැටෙන රිද්මය තමයි නදීශා ස්වීය ව්‍යාපාරික ඥාණයෙන් අල්ලලා තියෙන්නෙ.කාන්තා ක්‍රිකට්වල එක කුලකයක් හැටියට ගන්න පුළුවන් දේවපතිරාජ දියණිවරු ගැන හිතන්න.ඔවුන් බහුතරයකගෙ පියවරු මුහුදත් එක්ක හැප්පෙනවා.ඒ මාළුවල හයිය මේ දූවරුන්ට රසට කවන්න සහ ගුණය දෙවන්න MeadowLea පාහන එක තමයි නදීශාගේ විග්‍රහය ඇතුළෙ හැඟවෙන්නෙ.
පිරමීඩි විල්මාර් පුද්ගලික සමාගමේ විකුණුම් හා අලෙවිකරණ උපදේශක හිමාත් පෙරේරා පහදන ආකාරයට ජාතික අභිමානය සම්බන්ධ සන්නාමයක් වීම මෙන්ම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන සන්නාමයක් වීම ද,ශ්‍රී ලංකා ක්‍රිකට් අලෙවි ප්‍රධානි උපුල් නවරත්න පවසනාතාරයට MeadowLea ඉලක්ක කරගත් ප්‍රේක්ෂක ප්‍රජාව සමඟ ක්‍රිකට් එහි ප්‍රවර්ධනයට හේතුවීමේ ඉඩකඩ ද ඇතුළු සියලු කාරණා සාක්ෂාත් කරන හුස්ම තියෙන්නෙ නදීශා පෙන්වා දෙන කාරණාවල ගැඹුරේයි.
ගමට යන්න අලෙවිකරණ මාර්ගයක් දැනෙන්නේම ක්‍රිකට් ගමට ගොස් තිබෙන නිසයි.සාමාන්‍ය අදහසින් ගත් විට කලෙක ක්‍රිකට් තිබුණේ පංති වෛරය නැතිනම් වෙනස පැහැදිළි කරන සාධකයක් හැටියටයි.

කකා බිබී නටන අතර
නරුම යහළු යෙහෙලියන්
පන්දු කෙලින අතර ඉහල
පාසල් වල අමනයන්
මේ වචන ඊට විරෝධාකල්ප ගීතයකින් ගැණුන උදාහරණයක්.අද වන විට මේ ගීත ආගමික ස්තෝත්ර තරමට විශ්වාස කළ පිරිසක් රටේ බලයට ඇවිත් ක්‍රිකට් ගැන වෙනස් ආකල්පයකින් හිතන්න පටන් අරගෙන තියෙනවා.එහෙම හිතන් පුළුවන් බලපෑමක් ඇති කරන වෙනසක් ක්‍රිකට් හරහා පොළවෙ සිඳුවෙලා තියෙන බවට හොඳම උදාහරණය ගත හැකි වේදිකාව තමයි කාන්තා ක්‍රිකට්.ඒ වෙනස දිග පියවර මනින රසවත් ගුණවත් අත්දැකීමක් විදිහට හෙට දවසේ MeadowLea හරහා ඇතිවන සංවාදය ඔවුන්ට සංවාසයක් තරමටම උණුසුම් ආස්වාදයක් ගෙනෙනු ඇතැයි සිතිය හැකියි.මන්ද ක්‍රීඩාව සමඟ සම්බන්ධතා පවත්වන එවැනි අනුග්‍රාහක පාර්ශව සම්බන්ධය තුළ වන්නේ, අතිශයින් තෘප්තිමත් විම වැදගත් ඔවුන්ට ක්‍රිඩාව කෙරෙහි තවත් ආස්වාද සම්පන්න අනුග්රහයන් සපයන්න අදහස් ඇති කරන නිසයි.

‘‘ගමට ක්‍රිකට් – රසට MeadowLea‘ මේ වෙමින් තිබෙන සම්බන්ධය එතැනටම යන්න කියන සුබ පැතුම් සමඟ ‘ගමේ ක්‍රිකට් රසට MeadowLea‘ වෙමින් ලිංගිකව නොබෙදුණු, දවසක කාන්තා ක්‍රිකට්වලට සීමා නොවුණු පැතිරුණු ක්‍රිකට් ක්‍රීඩාවක් පිරිමි ක්‍රිකට් ක්‍රීඩාවටත් පැමිණේවා යන්න අපේ පැතුමය.

