රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW :
වර්තමානය වන විට වෙළඳපොළේ උද්ගත වී ඇති කීරි සම්බා හිඟය මේ කන්නයේදී මතු වූවක් නොව, කලක් තිස්සේ බලධාරින් ගත් වැරදි ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
රටේ සහල් පරිභෝජනයට ගැලපෙන පරිදි වගා කටයුතු සැලසුම් කිරීම සම්බන්ධයෙන් බලධාරින්ට සැලසුමක් නොමැති වීම අර්බුදයට හේතුව බව එහි සභාපති මුදිත් පෙරේරා මහතා පැවසුවේය.
මෙහිදී ප්‍රකාශ කෙරුණේ, වී කිලෝවක් සඳහා සහතික මිලක් නිකුත් කිරීමේ ක්‍රමවේදය ද ගැටළුසහගත බවයි.
එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පැවසුවේ, සහල් සම්බන්ධයෙන් මීට වඩා සැලසුම්සහගත ක්‍රමවේදයක් රටට අවශ්‍ය බවයි.
කීරි සම්බා අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 260ක් වුවද මේ වන විට වෙළඳපොළේ කීරි සම්බා අලෙවි වන්නේ රුපියල් 320ක මිලකට වීම ගැටළුවකි.
