සම්පත් මනම්පේරීට අධිකරණයෙන් ලැබුණ නියෝගය!

කොළඹ LNW: අධිකරණයට භාර වූ සම්පත් මනම්පේරි දින හතක කාලයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ දින 07ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනෙවිය අද (17) අවසර ලබා දී ඇත.

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඔහු අද නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් විය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විත්තිය විසින් කරන ලද කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය උක්ත නියෝගය ලබා දීමට කටයුතු කරන ලදී.

ඒ අනුව එළඹෙන 24 වැනිදා මෙම නඩුව යළි කැඳවීමට නියමිතය.

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙන අතර මීට පෙර ඔහුගේ සහෝදරයා පොලිස් අත්අඩංගුවට පත්විය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...