බිල වැඩි කළොත් පාරට බහින්න – විදුලි බල වෘත්තීය සමිති ජනතාවගෙන් ඉල්ලයි (VIDEO)

Date:

විදුලි බිල වැඩි කළහොත් ඊට එරෙහිව පාරට බහින ලෙස විදුලි බල වෘත්තීය සමිති ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සේවක වැටුප් 25%කින් වැඩි කිරීමේ අවශ්‍යතාව පෙන්වා විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව සුදානම් වන අතර සේවක වැටුප් වැඩි කරන ලෙස විදුලි බල මණ්ඩල සේවකයින් ඉල්ලීමක් කර නැති බවයි විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පවසන්නේ.

කුමන අයුරකින් හෝ විදුලි බිලත් වැඩි කර තවදුරටත් ජනතාව මත බර පැටවීමට කටයුතු කළ හොත් ඊට එරෙහි පළමු වෙඩි මුරය විදුලි බල මණ්ඩලයෙන්ම තබන බව ඔහු අවධාරණය කරයි.

”අද විදුලි අර්බුදය,තෙල් අර්බුදය ඇතුළු සමස්ත බලශක්ති අර්බුදයට සහ අනෙකුත් අර්බුදයන්ට ආණ්ඩුව වගකියන්න ඕනේ. ගෙදර තියෙන මුව හමට තලන්න ලෑස්ති වෙන්න එපා. මොනම තත්ත්වයක් යටතේ හරි අපි ආණ්ඩුවත් එක්ක හැප්පෙනවා. ඒ නිසා රටේ ජනතාවට කියනවා විදුලි බිල වැඩි කළොත් කරුණාකරලා බහින්න පාරට. විදුලි බල මණ්ඩලයේ විදුලි සේවක සංගමය විදිහට කවුරු නැතත් අපි ඔබත් එක්ක හිටගන්නවා. අපි කියනවා පඩි වැඩිකරන්න එපා. බිල වැඩි කරන්නත් එපා.”

මේ අතර විදුලි බල මණ්ඩලය කොටස් අටකට වෙන් කර සමාගම් 08කට විකිණීමේ සූදානමක් පවතින බවද රන්ජන් ජයලාල් මහතා කියා සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...