එන්ජින් ඔයිල් නෑ – දුම්රිය ධාවනයත් අත්හිටුවන්න වෙයිද ?

Date:

තම දෙපාර්තමේන්තුව සතු එන්ජින් ඔයිල් සංචිත ප්‍රමාණවත් වන්නේ තවත් මාස දෙකකට පමණක් බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එන්ජින් ඔයිල් ආනයනය කිරීමට නොහැකි වුවහොත් දුම්රිය ධාවනයද අත්හිටුවීමට සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඉන්දියාවෙන් සහ චීනයෙන් මෙරටට එන්ජින් ඔයිල් ආනයනය කරන අතර ඩොලර් අර්බුදය හේතුවෙන් ආනයන කටයුතු සිදු කිරීමට නොහැකි වී තිබෙනවා.

මෙම ගැටලුව හේතුවෙන් මේ වනවිටත් දුම්රිය ගමන් වාර කිහිපයක් අත්හිටුවා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන්ධන අර්බුදය හේතුවෙන් මගී බස් ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර පෞද්ගලික වාහන භාවිතයද සීමා වී තිබේ. මේ නිසා වෙනදාට වඩා දුම්රිය භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර දුම්රිය ධාවනයද අඩාල වුවහොත් සාමාන්‍ය ජනතාව තවදුරටත් දුෂ්කරතාවයට පත්වනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...

සුඩානයේ RSF ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ...