එන්ජින් ඔයිල් නෑ – දුම්රිය ධාවනයත් අත්හිටුවන්න වෙයිද ?

Date:

තම දෙපාර්තමේන්තුව සතු එන්ජින් ඔයිල් සංචිත ප්‍රමාණවත් වන්නේ තවත් මාස දෙකකට පමණක් බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එන්ජින් ඔයිල් ආනයනය කිරීමට නොහැකි වුවහොත් දුම්රිය ධාවනයද අත්හිටුවීමට සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඉන්දියාවෙන් සහ චීනයෙන් මෙරටට එන්ජින් ඔයිල් ආනයනය කරන අතර ඩොලර් අර්බුදය හේතුවෙන් ආනයන කටයුතු සිදු කිරීමට නොහැකි වී තිබෙනවා.

මෙම ගැටලුව හේතුවෙන් මේ වනවිටත් දුම්රිය ගමන් වාර කිහිපයක් අත්හිටුවා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන්ධන අර්බුදය හේතුවෙන් මගී බස් ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර පෞද්ගලික වාහන භාවිතයද සීමා වී තිබේ. මේ නිසා වෙනදාට වඩා දුම්රිය භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර දුම්රිය ධාවනයද අඩාල වුවහොත් සාමාන්‍ය ජනතාව තවදුරටත් දුෂ්කරතාවයට පත්වනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

අමරකීර්ති අතුකෝරළ ඝාතනය : විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...

බැඩ්මින්ටන් ජාතික පුහුණුකරුගේ බරට රොහාන් උර දෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ වන විට බැඩ්මින්ටන්...

ගල් අඟුරු ආනයනයේ “අඳුරු” පැත්ත සොයා කෝප් කමිටුවෙන් විශේෂ මෙහෙයුමක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : ඔබ දැනගත යුතුම...