සිකුරාදා නිවාඩුවට අදාල චක්‍රලේඛය නිකුත් වෙයි

Date:

රාජ්‍ය සේවකයන්ට සිකුරාදා දිනයේදී නිවාඩු ලබාදීමට ගෙනඇති තීරණයට අදාල චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

ජලය, විදුලිය, සෞඛ්‍ය, ආරක්ෂක සේවා, අධ්‍යාපනය, ප්‍රවාහන, වරාය, ගුවන් තොටුපල ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල මෙම චක්‍රලේඛය අදාල නොවන අතර සිකුරාදා දිනයේදී විවෘතව තැබිය යුතු බවට යම් අමාත්‍යංශ ලේකම්වරයෙකු විසින් තීරණය කරනු ලබන ආයතනයකටද චක්‍රලේඛය අදාල කර නොගත යුතු බව එහි සඳහන් වේ.

ඉන්ධන, විදුලිය ඇතුළු අර්බුද සඳහා විසඳුමක් ලෙස මෙම තීරණයට එළඹි අතර නිවාඩු ලබන රාජ්‍ය සේවකයන් ගෙවතු වගා සඳහා දිරිමත් කිරීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...