ප්‍රංශය පුරා වැඩවර්ජන, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විරෝධතාවලට එක්වේ

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ රජය විසින් යෝජනා කරන ලද අයවැය කප්පාදුවලට එරෙහිව ප්‍රංශය පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් විරෝධතාවන්ට එක්ව ඇති බව වාර්තා වේ.

වැටුප් වැඩි කිරීම, විශ්‍රාම වැටුප් සහ පොදු සේවාවන්, සමාජ ආරක්ෂණය සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙස නව අගමැති සෙබස්තියන් ලෙකෝර්නුට බලපෑම් කිරීම සඳහා වෘත්තීය සමිති වැඩ වර්ජන ආරම්භ කර ඇති අතර මෙම වර්ජනය වෙනුවෙන් දුම්රිය, බස් සහ ට්‍රෑම් රථ රියදුරන්, රෝහල් කාර්ය මණ්ඩල, ඖෂධවේදීන්, ප්‍රාථමික හා ද්විතීයික පාසල්වල ගුරුවරුන්, පාසල් ආපනශාලා කාර්ය මණ්ඩලය, ආදී විවිධ ක්ෂේත්‍ර ආවරණය කෙරෙන පරිදි විරෝධතාකරුවන් පෙළපාලි 250 කට වැඩි ප්‍රමාණයක් පවත්වා ඇති අතර පැරිසියේ සිට මාර්සෙයිල්, නැන්ටෙස්, ලියොන් සහ මොන්ට්පෙලියර් දක්වා නගරවල පෙළපාලි දක්නට ලැබී ඇත.

ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ඇස්තමේන්තු කළේ 600,000 ත් 900,000 ත් අතර පිරිසක් දවස පුරා වීදි පෙළපාලිවලට සහභාගී වී ඇති අතර ප්‍රංශය පුරා පුද්ගලයින් 140 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පසුගිය ජුනි මාසයේදී ජනාධිපති මැක්‍රොන් හදිසියේ මැතිවරණයක් කැඳවූ දා සිට, ප්‍රංශ පාර්ලිමේන්තුව බහුතරයක් නොමැතිව වාමාංශික, අන්ත දක්ෂිණාංශික සහ මධ්‍යම පක්ෂය අතර බෙදී ගොස් ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස අයවැය සම්බන්ධයෙන් නැවත නැවතත් අවහිරයක් ඇති වී තිබේ.

ප්‍රංශයේ පවතින දේශපාලනික අවුල් වියවුල් මධ්‍යයේ ජනාධිපති මැක්‍රොන් ඔහුගේ සමීපතමයකු වන සෙබස්තියන් ලෙකෝර්නු නව අගමැති ලෙස තෝරා ගැනීම රට පුරා බොහෝ දෙනෙකු අතර කෝපය තවදුරටත් අවුලුවා ඇති අතර විරෝධතාකරුවන් ද මැක්‍රොන් ඉල්ලා අස්විය යුතු යැයි ඉල්ලා තිබේ. කෙසේ නමුත් ජනාධිපතිවරයා 2027 මැයි මාසයේදී ධුරයෙන් ඉවත් වීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...