හිටපු ලෝක බර සභාපති තහනම් උත්තේජනවලදී කරපු හොර නිසා ජීවිත කාලෙටම තහනමක

Date:

තහනම් උත්තේජන භාවිතය සම්බන්ධ පරික්ෂාවන්ට බාධා කළ සහ එවැනි ක්‍රියා සඳහා අනුබල දුන් බවට චෝදනා එල්ල වූ හිටපු ජාත්‍යන්තර බර ඉසිලීමේ සංගමයේ සභාපති තමාස් අජාන් ට ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය (CAS) විසින් ජීවිතාන්තය දක්වා තහනමක් පනවා ඇත.අසූ තුන් හැවිරිදි අජාන් 2000 වර්ෂයේ සිට 2020 දක්වා ජාත්‍යන්තර බර ඉසිලීමේ සභාපති දූරය දැරූ අතර 2020 දී ඔහු එම තනතුරෙන් ඉවත් වූයේ එල්ල වූ චෝදනා හේතුවෙන්ය.

ජාත්‍යන්තර පරීක්ෂණ ආයතය මෙම තොරතුරු ක්‍රීඩා බේරුම්කරණ අධිකාරියට ඉදිරිපත් කරමින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම තීරණයට එළැඹි ඇත.ඉහත කරුණු සම්බන්ධයෙන් හෙළිදරව් කරමින් තැනූ Lord of the Lifters වාර්තා චිත්‍රපටය විසින් පෙන්වා දුන් කරුණු පදනම් කරගෙන අජාන් ව හෙළිදරව් වූ අතර ඔහු ඉල්ලා අස් වුණේ ද මෙම වාර්තා චිත්‍රපටය විසින් මතු කරන ලද චෝදනා හමුවේය.

වාර්තා චිත්‍රපටයෙන් පසුව රිචඩ් මැක්ලර්න් අදාළ කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට පත් කරන ලද අතර තහනම් උත්තේජක පරීක්ෂණවලදී ධනාත්මක ප්‍රතිපල පෙන් වූ කරුණු 40ක් වසන් කර ඇති බවත්, IWF හි පසුගිය මැතිවරණ සම්මේලන දෙකේදී ඡන්ද මිල දී ගැනීම් බහුල වූ බවත් ඔහු සොයා ගත්තේය.

මෙම චෝදනා හරහාම අජාන් සමඟ බර ඉසිලීමේ රන් පදක්කම්ලාභියෙකු වූ රුමේනියානු ජාතික නිකූ ව්ලැඩ් ට ද ජීවිතාන්තය දක්වා තහනමක් පනවා ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන සුව ඇමතිගෙන් වෛද්‍ය බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක්…?

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: වත්මන් කොළඹ ජාතික රෝහලේ...

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ අති නවීනත ජංගම දුරකථන 955ක් සොයා ගැනේ!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: ශ්‍රී ලංකා විදුලි සංදේශ...

රනිල් වෙනුවෙන් සජිත්ගේ ස්තූතිය. චන්දිම වීරක්කොඩි, ලසන්ත අලගියවන්න සහ සමන් රත්නප්‍රියට අලුත් වගකීම්!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් වෙනුවෙන් කැපවී...