ජනගහනයෙන් 22% කට අවම පෝෂණයවත් නෑ – ලෝක ආහාර වැඩසටහන

Date:

ශ්‍රී ලංකාව තුළ උත්සන්න වෙමින් පවතින ආහාර අර්බුදය හමුවේ මානුෂීය ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ලෝක ආහාර වැඩසටහන තීරණය කර තිබෙනවා. එම ආයතනය සිදුකළ නිරීක්ෂණවලදී හෙලිදරව් වී තිබෙන්නේ මෙරට ජනගහනයෙන් 22% කට වැඩි ප්‍රමාණයකට අවම පෝෂණය සහිත ආහාර හෝ ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි.

සිදුකර ඇති සමීක්ෂණවලට අනුව රටේ ජනතාවගෙන් 86% කට වැඩි පිරිසක් ආහාර සපයා ගැනීමේ අර්බුදයට මුහුණ දී සිටී. ආහාර ගන්නා ප්‍රමාණය අඩු කිරීම, පෝෂ්‍යදායී ආහාර වෙනුවට කුමන හෝ දෙයක් ආහාරයට ගැනීම, දෛනිකව ලබා ගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩු කිරීම වැනි විසඳුම්වලට යාමට ඔවුන්ට සිදුව ඇති බවද ලෝක ආහාර වැඩසටහන පවසනවා.

මෙරට ජනතාවගෙන් ආහාර සපයා ගැනීම බරපතල ගැටලුවක් වී ඇති ලක්ෂ 30 කට පහසුකම් සැපයීමට ලෝක ආහාර වැඩසටහන තීරණය කර ඇති අතර මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 60 ක් අවශ්‍ය වන බවයි එම ආයතනය පවසන්නේ. එම ජනතාවට ආහාර මිලදී ගැනීම සඳහා වවුචරපත්, ආහාර හෝ මුදල් ලබාදීමට එම ආයතනය සැළසුම් කර තිබෙනවා. මෙම වසරේ ජුනි – දෙසැම්බර් කාලය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

මේ යටතේ ඔවුන්ගේ මූලික අවධානය යොමුව තිබෙන්නේ ගර්භනී කාන්තාවන් වෙතයි. ගැබිණි මව්වරුන්ට දිනපතා පෝෂ්‍යදායී ආහාර ලබා දිය යුතු නමුත් දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල්වල ගර්භනී කාන්තාවන්ට එම අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වී තිබේ. මෙම තත්වය මත මව්වරුන් පමණක් නොව කුස තුළ සිටින දරුවාගේද සෞඛ්‍ය තත්වය අවදානමට ලක්වන බව ලෝක ආහාර වැඩසටහන පවසනවා.

මෙම වැඩසටහනේ පළමු පියවර ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ තෝරා ගත් ගර්භනී කාන්තාවන් පිරිසකට මාසිකව රුපියල් 15,000 ක වටිනාකමින් යුක්ත වවුචර්පත් ලබාදීම සිදු කෙරේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍ය ගල්ලන්ගොඩ සිහි කරමින් පැසිපන්දු තරගාවලියක්

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: වෛද්‍ය ජනක ගල්ලන්ගොඩ අනුස්මරණ කුසලානය...

ටිරෝන් ද සිල්වා කුසලානය 10 වන වරටත් කැවිලියර්ස් සතු වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: “ටිරෝන් ද සිල්වා” අභියෝගතා කුසලානය...

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්!

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා...