ආණ්ඩුවට අවුරුද්දයි ….

Date:

මාලිමා ආණ්ඩුවට අවුරුද්දයි. මම හිතුවේ නැහැ ඒ වෙනුවෙන් සටහනක් තිබන්න. මම හිතන්නේ තව කාලයක් අවශ්‍යයි ගැඹුරින් යමක් කියන්න.

හැබැයි සමහර දේ ගැන මෙහෙම කියන්න පුළුවන්. ඒ තමයි ‘ආරම්භයට ආරම්භයක්’ අරගෙන තියෙනවා. ඇඟේ හැප්පෙන දෙයක් හැටියට පොදු ප්‍රවාහනය ගන්න පුළුවන්. ඒකට යමක් කරන්න ආරම්භ කරන්න පටන්අරන් තියනවා. ඒවායේ ප්‍රපෝසල් හැදුවේ මේ ආණ්ඩුවද අර ආණ්ඩුවද කියන එක මම දන්නේ නැහැ.

නමුත් කොළඹ කොටුව ස්ටේෂන් එක. කොටුව ප්‍රධාන බස් නැවතුම. තවත් ඩිපෝ ගණනාවක් අලුත් කරන්න හදනවා. මම දැන් දැක්ක ප්‍රවාහනය සඳහා වෑන් රථ ඩිපෝ වලට දෙන්න යනවලු. ඒවා මරු වැඩ. විශේෂයෙන් ළඟ හයර් යන්න වගේම ට්‍රිප් යන්නත් පොදුවේ කුඩා කණ්ඩායම් ගමන් සඳහාත් ඒක ගොඩක් ලාභදායක දෙයක් වෙන්න පුළුවන්. පොඩි සහනදායී විදියකට දුන්නොත්.

ඒ වගේ අලුතෙන් හිතල වැඩ කරන එක හොඳයි. අලුත් අවශ්‍යතා මතුවෙලා තියනවා. අලුත් බස් රූට්ස් ඇවිල්ල තියනවා. ඩිපෝ එකතැන පල්වෙන්න ඕනි නැහැ. ටුවරිසම් වුනත් කමක් නැහැ හරියට කරන්න පුළුවන් නම්.

විශේෂයෙන් බිමල් ඇමතිතුමා යමක් කරන්න හදනවා. මම හිතන්නේ ආණ්ඩුවේ වැඩියෙන්ම හයිලයිට් වෙන දෙයක් කරන්නේ එයා.

අනික් දේවල් ගැන දැනට මුකුත් ලියන්න බැහැ. බලාගෙන ඉන්නවා මිසක්. මොකද තවම මිනිස්සුත් ඉන්නේ අවධානයෙන්. බලාගෙන.

මිනිස්සු ගොඩක් දේ බලාපොරොත්තු උනා කියල විතරක් ලියල ලියනවා. වෙනත් විදියකට කිව්වොත් ගොඩක් බලාපොරොත්තු දුන්න කියන එක නිවැරදියි.

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...

මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද (05) සිට බලාත්මකයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ...