අරගලය කළ ජනතාව රජය හා ශක්තිමත්ව ඉදිරියට යනවා, ප්‍රතිගාමින් ප්‍රති විප්ලවය සූදානම් කරනවා – ඇමති චතුරංග

0
281

ගතවූ වසරක කාලය තුළ ජාතික ජන බලවේගය රටේ ආර්ථිකය, විදේශ සබඳතා ඇතුළු සියල්ල සාධනීයව කළමනාකරණය කරගෙන ලෝකයේම ප්‍රශංසාඅ ලබමින් සිටින බවත් මේ යුග වෙනසකට දායක වීමට ලැබීම පිළිබඳව තමන් නිහතමානීව ආඩම්බර වන බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

ආණ්ඩුවට වසරක් පිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා ෆේස්බුක් ඔස්සේ පළ කර ඇති සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.


නිහතමානී ආඩම්බරයක් 🙏

මේ රට විනාශ කරපු දේශපාලන ව්‍යාපාර බලාපොරොත්තු උනා අපි ආර්ථිකය බිඳවට්ට ගනී කියලා, විදේශ සම්බන්දතා පළුදු කරගනී කියලා, ව්‍යවසායකයන් ආයෝජකයන් එලව ගනී කියලා, ජනතාවට අනේක බොරු කිව්වා ආගම ධර්මය නැති වෙයි, වත්කම් අත්පත් කරගනී කියලා,

ඒ සියල්ල ඉතා සාධනීයව මාලිමාව කළමනාකරණය කරලා, ආර්ථිකය ස්තාවර වෙලා සංවර්ධන මාවතකට ඇවිත් ලෝකෙම ප්‍රශංසා ලැබෙනවා, BOI හරහා විතරක් $ බිලියන 1ක ආයෝජන ඇවිත්, ඊට අමතරව සාකච්ඡා වන විදේශ ආයෝජන $ බිලියන 5කට වැඩී ( Port City 1.25, China 3.7, Green Hydrogen 2)

සෑම විදේශ තානාපති කාර්‍යාලයක්ම සෑම ජාත්‍යන්තර සංවිදානයක්ම ඉන්දියාව, චීනය, අමරිකාව, ඔස්ට්‍රේලියාව, ජපානාය, දකුණු කොරියාව, මැදපෙරදිග, බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමය, නවසීලන්තය, සිංගප්පූරුව මේ සියල්ල රාජ්‍ය මට්ටමෙන් අපිත් එක්ක මේ රට ගොඩනගන එකතුවෙලා. අමරිකාවෙ තීරුබදු සාකච්ඡා සාර්ථක වුනා.

දැවැන්ත කාර්මීකරණයක් මහපොලවේ එනවා, ඉඩම් දීගන්න බැරි තරමට යෝජනා, මේ වසරේ අනුමත කල කර්මාන්ත 78ක් ඒ වගේම අපනයන ධාරිතාව 8%කින් වර්ධනය වෙලා. මේ සතියෙ Distrupt Asia එකට ආපු ජාත්‍යන්තර ආයෝජකයන් ගනන 41ක් හා VC fund 14ක්, අහන හැමෝම නව ප්‍රබෝධයකින් ආයෝජනය කරනවා, කොටස් වෙළෙඳපොළල 20,000 පැන්නුවා, පුද්ගලික ණය 16%කින් ඉහලට, භාණ්ඩාගාරය බිල්පත් වල විදේශ ආයෝජන වැඩි වෙලා. කර්මාන්ත පිළිබඳ උනන්දුව බලන්න අද හරි BMICH එන්න.

ආගමික සංස්කෘතික සංස්ථා එක්ක සෑම මන්ත්‍රීවරයම ශක්තිමත්ව වැඩ කරනවා, සංවර්ධනය උතුරු නැගෙනහිර මධ්‍යම කඳුකරය සියල්ලම වේගයෙන් ක්‍රියාත්මක වෙනවා, උතුරේ ඉඩම් ගැටළුව විසදෙමින් පවතිනවා.

නිති අනපනත් ශක්තිමත් වෙලා, දේශපානයට සම්බන්ද 38ට නඩු වැටිලා සමහරු හිරේ, දූශිත රාජ්‍ය නිලධාරීන් 25ක් දැලේ, ඊට අමතරව තව වංචා දූශන දහස් ගනනක පරීක්ෂණ සිද්ධ වෙනවා, අනුර හැර වෙන කවුරු දින්නත් මේ දේ වෙන්නෙ නෑ. රාජ්‍ය සේවය කාර්‍ය්ක්ෂම වෙනවා සෑම ආයතනයක්ම ප්‍රතිව්‍යුහගතකරන වෙනව.

ලංකාවෙ පලවෙනි වතාවට ඩිජිටල් සැළැස්මක් ක්‍රියාත්මක වෙනවා, රජයට ගෙවන සියලුම ගෙවිම් හෙට අනිද්ද ඩිජිටල්, අල්ලස් දූශින සෑම අතින්ම මැඩලෙනවා. මධ්‍යම රජයේ වගේම පලාත් පාලන ආයත වල අදායම් ඉහල ගිහින්, බදු එකතුවෙනවා, Leakage වහනවා. විනිවිදභාවයකින් ටෙන්ඩර් යනවා. ඔව් මේ කොටසේ කරන්න චෝදනාවක් නැති තරම්

මී සියල්ල අතරේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ක්‍රීඩා, ප්‍රවාහනය වේගයෙන් දියුණු වෙනවා, ව්‍යාපාරය වලට නව ණය ක්‍රම ඇවිත්, රාජ්‍ය සේවයට මූලික පඩිය වැඩිවෙලා, දුප්පත්ම ජනතාව හා වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂනය වැඩි වෙලා.

තව ධනාත්මක දේවල් දාහක් ලියන්න පුලුවන්, මේ ගමන දැන් යන්නෙ ඉස්සරහට. පරණ System එක ගේන්න සෑහෙන මහන්සියක් විපක්ෂය හා ඒ මහජන ධනයෙන් අයුතු ප්‍රතිලාබ තිබ්බ ජනතාව දරන බව ඔබට පේනවා. ඒකට මාධය ආයතනත් අයිතියි. ඒ ඔවුන්ගේ එකම පැවැත්ම ඒ ක්‍රමය නිසා ක්‍රම වෙනස සිදුවෙලා, අරගලය කල ජනතාව විවේචන සහිතව රජය හා ශක්තිමත්ව ඉදිරියට යනවා, ප්‍රතිගාමින් ප්‍රති විප්ලවය සූදානම් කරනවා.

මේ යුග වෙනසට දායක වීමට ලැබීම පිළිබඳ පුද්ගලිකව නිහතමානී ආඩම්බරයක්, වසරක ප්‍රගතියට වචනයකින් හෝ දායක වුන, අපව අඛණ්ඩව දිරිමත් කල ඔබ සියල්ලටම ස්තුතියි ❤️

~ චතුරංග අබේසිංහ