හිටපු JVP මන්ත්‍රීවරුන් පිරිසක් JVPයට එරෙහිව නඩු පැවරීමට සූදානමින් ?

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පසුගිය කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කළ පිරිසක් එම පක්ෂයට එරෙහිව නඩු පැවරීමට සූදානමින් සිටින බව ආරංචිමාර්ග පවසයි.

ඒ, තමන් මන්ත්‍රී ධුර දැරූ සමයේදී තමන්ගෙන් පක්ෂයට ලබාගත් මන්ත්‍රී වැටුප් ආපසු තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමිනි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීමට වත්මන් රජය කටයුතු කිරීමත් සමග මෙම හිටපු මන්ත්‍රීවරුන් පිරිස මේ තීරණයට එළඹ ඇති බව සඳහන්.

තමන් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කළ සමයේදී තමන්ට පාර්ලිමේන්තුවෙන් ලැබුණු සම්පූර්ණ වැටුප පක්ෂයට ලබාගත් බවත් දැන් මන්ත්‍රී විශ්‍රාම වැටුපත් අහෝසි කිරීමට ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කටයුතු කළහොත් තමන්ට ජීවත් වීමට කිසිදු මාර්ගයක් නොමැති බවත් එම හිටපු මන්ත්‍රීවරු පවසති.

ඒ අනුව, ඔවුන් කණ්ඩායමක් පසුගිය දිනවල කොළඹ නුදුරු ප්‍රදේශයකදී රැස්වී සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...