අක්කලා නංගිලාගේ දස්කම් සමඟ ශ්‍රී ලංකාව තරගාවලියේ පෙරමුණට

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 22, කොළඹ LNW:

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම අතර පැවති දෙවන එක් දින තරගයද ශ්‍රී ලංකාව ජය ගන්නට සමත් වුණා.ලකුණු 29 න් ජය ගත් එම තරගයේ දී දෙපිළේම පිතිතාරිණියන් වෙතින් විශාල ඉණිම් වාර්තා නොවීම කැපී පෙණුනා.ඒ අතරින් සංජනා කාවින්දි සහ රශ්මි නේත්‍රාංජලී ලකුණු 24 බැගින් ලබා ගැනීම තරගයේ හොඳම ඉණිම් බවට පත් වුණා.ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ෂිලෝ ජුලියන් සහ නායිකා සමාරා ඩුල්වින් ලකුණු 22 බැඟින් ලබා ගත්තා.


පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉණිමේ දී රශ්මිගේ නැගණිය වන කඩුලු රකින නෙතංගා ඉසුරාංජලී ලකුණු 21 ක් වේගවත්ව රැස් කරමින් පළමු තරගයේදී මෙන්ම කඩුල්ල පිටුපස සිට ස්ටම්ප් දෙකක් ලබා ගනිමින් සහ එක් උඩ පන්දුවක්ද ලබා ගන්නට සමත් වුණා.එහෙත් තරගයේ තීරණයට බල පෑ එම දස්කම වෙනුවට ඇයගේ අක්කාගේ ලකුණු 24 සහ දවා ගත් කඩුල්ලට මුල් තැන දෙමින් තරගයේ වීරවරිය ලෙස රශ්මි නේත්‍රාංජලීව නම් කරන්නට යෙදුණා.


පන්දු යැවීමේදී දෙපිලෙන්ම කැපී පෙණුනේ ලකුණු 24 ට කඩුලු 3 ක් දවා ගත් ඒ්වා ඩෘරි.ඇයට විශේෂ ඇගයීමක් හිමි වුණා.ලකුණු 138 ක් කරා ගිය ශ්‍රී ලංකා පිළට දැඩිම තර්ජනය ඒල්ල කළ පන්දු යවන්නිය වූයේ ඇයයි.
ඒම ලකුණු 138 හඹා යාමේදී මුල සිටම ඒ් සඳහා යා නොහැකි වන අයුරෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගෙන් ඔස්ට්‍රේලියා පිතිකාරිණියන්ට බාධා ඇති වුණා.අචිනි තලගුනේ ලකුණු 15 ට කඩුලු 2 ක් සහ ශෂිනි ගිම්හානි ලකුණු 17 ට කඩුලු 2 ක් දවා ගත් අතර චමෝදි ප්‍රමෝධ්‍යා පන්දු වාර 4 ලකුණු 11 ට නිම කරමින් ඒක් කඩුල්ලක් දවා ගන්නට සමත් වුණා.


විස්සයි විස්ස තරග 5 ක් ඇතුළත් මෙම තරගාවලියේ මේ වන විට පැවති තරග දෙකම ජය ගෙන 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emily in Paris නවතම කතා මාලාවෙහි එක් තැනක, ශ්‍රී ලංකාව ගැනත් කතා බහක්!

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW):  Emily in Paris යනු නෙට්ෆ්ලික්ස් සඳහා...

ගංවතුරට අහුවෙලා තියෙන්නේ විපක්ෂය. ඇත්තටම අවතැන් වෙලා ඉන්නෙ විපක්ෂය – මාලිමා මන්ත්‍රී චමින්ද

මේ ගංවතුර ආපදාව විපක්ෂයට ගොඩයාමට හැකි අවස්ථාවක් යැයි ඇතැමුන්...

වැසි තත්වයේ වෙනසක් – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 22) දිනයේදී ඌව පළාතේ...