ගණිතය නොදන්නා අය රට පාලනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද රට විනාශය කරා ගොස් ඇති බව මහාපරිමාණ සහල් නිෂ්පාදක ඩඩ්ලි සිරිසේන මහතා පැවසුවේය.
ඒ, අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
රසායනික පොහොර භාවිතය ඉවත්කොට කාබනික පොහොර මඟින් වගා කිරීමේ තීරණය ගන්නා මොහොතේ එහි ප්‍රතිඵලය ගැන තමන් ගණිතයෙන් පැහැදිලි කළද එම තීරණ ගත් කිසිවෙකුට හෝ ඒ ගැන වැටහීමක් නොවුණු බවයි සිරිසේන මහතා සඳහන් කළේ.
ඒ අනුව රට පත්ව තිබෙන තත්ත්වයට හේතුව වී ඇත්තේ එම තීන්දුවල ප්‍රතිඵලයක් ලෙස බවයි ඔහු පැහැදිලි කළේ.
ASK