ධම්මිකගේ තැනට ආ හර්ෂ

ධම්මික පෙරේරා මහතාගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ වැලිබල් වන් සමූහයේ සභාපති තනතුරට ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර මහතා පත්කර තිබේ.

2022 ජුනි 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත.

වැලිබල් වන් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වූ හර්ෂ අමරසේකර මහතා ප්‍රවීන නීති වෘත්තිකයකු වන අතර වාණිජ නීතිය, ව්‍යාපාර නීතිය, සුරැකුම්පත් නීතිය, බැංකු නීතිය හා බුද්ධිමය දේපළ නීතිය පිළිබඳ විශේෂඥයකු වන අතර බේරුම්කරණය හා ජාතික වශයෙන් පවතින අර්බුද යන ක්ෂේත්‍රවල ද සුවිශේෂී පළපුරුද්දක් ඇති අයෙකු වේ.

හර්ෂ අමරසේකර මහතා මේ වනවිට සම්පත් බැංකුවේ සභාපති, CIC හෝල්ඩින්ග්ස් පීඑල්සී (සභාපති), ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී (සභාපති), වැලිබල් පවර් එරත්න පීඑල්සී (සභාපති), එක්ස්පෝලංකා හෝල්ඩින්ග්ස් පීඑල්සී, ෂෙව්රෝන් ලූබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී, රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී (සභාපති), ඇම්බියන් කැපිටල් පීඑල්සී, සහ අමායා ලෙෂර් පීඑල්සී ඇතුළු කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කර ඇති ප‍්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක ස්වාධීන අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කරනු ලබයි.

එසේම ඒ මහතා CIC ඇග‍්‍රි බිස්නස් (පුද්) සමාගම සහ ස්විස්ටෙක් ඇලූමිනියම් ලිමිටඞ්හි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර අමානා බෑන්ක් පීඑල්සීහි සමාරම්භයේ සිට 2020 වසරේ පෙබරවාරි මස විශ‍්‍රාම යන තෙක් අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කර ඇත.

වැලිබල් වන් සමූහයේ හිටපු සභාපති ධම්මික පෙරේරා මහතා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්වන බැවින් ඒ මහතා තමන්ගේ සියලුම සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ඇතුළු සියලු තනතුරුවලින් පසුගියදා ඉවත් වූයේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...