‘ මම යුද්ධ හතක් නිමා කළා එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ යුතු දේවල් දැන් මට කිරීමට සිදුව ඇත’ ජනාධිපති ට්‍රම්ප් එක්සත් ජාතින් අමතමින් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තමා යුද්ධ හතක් නිමාකළ බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කලයුතු දේවල් දැන් තමාට කිරමට සිදුව ඇති බවත්, එය කනගාටුවට කරුණක් වන බවත් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, ජනාධිපති ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් සඳහන් කර තිබුණේ, කාම්බෝජය සහ තායිලන්තය, කොසෝවෝ සහ සර්බියාව, කොංගෝව සහ රුවන්ඩාව මෙන්ම පකිස්ථානය සහ ඉන්දියාව, ඊශ්‍රායලය සහ ඉරානය, ඊජිප්තුව සහ ඉතියෝපියාව සහ ආර්මේනියාව සහ අසර්බයිජානය යුද්ධ තමා විසින් වලක්වන ලද බවත්, එය තමන්ට මහත් ගෞරවයක්වන බවත්ය.

ට්‍රම්ප් ඔහු ලැයිස්තුගත කළ රටවල් අතර ගැටුම් නැවැත්වීමට උදව් කිරීම සම්බන්ධයෙන් තමාට ගෞරවය ලබාගෙන ඇතත්, සමහර රටවල් ඔහුගේ ප්‍රකාශයන්ට විරුද්ධ වී ඇත.

විශේෂයෙන්ම ඉන්දියාව ප්‍රසිද්ධියේ සහ නැවත නැවතත් අවධාරනය කර ඇත්තේ මැයි මාසයේ පකිස්ථානය සමඟ ඇති වූ ගැටුම අවසන් වූයේ දකුණු ආසියානු අසල්වැසි රටවල හමුදා අතර ද්විපාර්ශ්වික සංවාද හරහා බවත්, එක්සත් ජනපද මැදිහත්වීමකින් නොවන බවත්ය.

කෙසේ නමුත් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් ඔහුව “සාම ජනාධිපති” ලෙස නම් කර ඇති අතර පාකිස්ථානය,ඊශ්‍රායලය,කාම්බෝජය ආදී රටවල නායකයන් ජනාදිපති ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගයක් ලැබිය යුතු බවට ලිඛිතව ඉල්ලීම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය කළ වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මධ්‍යම අප්‍රිකානු ජනරජයේ...

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...

අධිකරණ නියෝග මත ළමුන් ප්‍රවාහනයේදී විධිමත් වැඩපිළිවෙලක්!

කොළඹ LNW:ඉදිරි වසර තුළ රටේ ආර්ථික දර්ශක වලට සමගාමීව...

මෝල්ඩෝවා සිට මෙරටට එන අමුත්තා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW : අනිද්දා(27)දින ශීත...