වැලිගම ඉබ්බාවල නිවසකින් අවි ආයුධ මතු වෙයි..මිදිගම රුවන් ගේ නෑයෙක් අත්අඩංගුවට..

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23 කොළඹ LNW :

පාතාල කල්ලි නායකයෙකු වු රුවන් චාමර හෙවත් මිදිගම රුවන් නැමැත්තාගේ සමීපතමයෙකු ටී 56 වර්ගයේ ගිනි අවි තුනක්,මැගසිනයක් හා ජීව උණ්ඩ තිහක් සමග අද(24) සවස වැලිගම ඉබ්බාවල ප්‍රදේශයේ දී සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව පොලිස් වීශේෂ කාර්ය බලකාය පවසයි.

එම බලකාය වෙත ලද තොරතුරකට අනුව අලුතින් ඉදි කරන දෙමහල් නිවසක උඩු මහල පරික්ෂා කිරිමේ දී අදාල අවි ආයුධ සොයා ගෙන තිබේ.

කිසියම් අපරාධයක් හෝ කිහිපයක් සිදු කිරිමේ අරමුණින් මෙම ගිනි අවි සගවා තබන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

තවත් අවි ආයුධ ඇත්දැයි සොයා බැලීමට එම නිවස අවට ප්‍රදේශය ද පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ රාත්‍රි වන තෙක්ම තව දුරටත් පරික්ෂා කරමින් තිබුණේය.

අත්අඩංගුවට ගත් 38 හැවිරිදි සැකකරු වඩු කාර්මිකයෙකු වන අතර ඔහු දැනට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින මිදිගම රුවන් නැමැත්තාගේ පියාගේ වැඩිමහල් සහෝදරියගේ දියණියගේ සැමියා බවට පොලිස් විශේෂ කාර්ය බලකාය කරුණු අනාවරණය කර ගෙන තිබේ.

කෙසේ වෙතත් එම සැකකරු වැඩි දුර පරීක්ෂණ සදහා වැලිගම මූලස්ථාන පොලීසිය වෙත භාර දීමට නියමිතව තිබුණි.

පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
මේ අතර බන්ධනාගාර ගත කර සිටින මිදිගම රුවන් නැමැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බවට මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික කාර්යාංශය ඊයේ (23) කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්.බෝදරගම මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

එම ඉල්ලීම සලකා බලමින් ලබන ඔක්තොම්බර් මස 13 වැනි දින බන්ධනාගාරය තුලදී ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසට කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මත්ද්‍රව්‍ය නීවාරණ ජාතික කාර්යාංශයේ නිලධාරීන්ට අවසර ලබා දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිලිපීනයට බලපෑ 21ක් වන සුළි කුනාටුව හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පිලිපීනයට බලපෑ...

නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිමට මෙහෙයුම් කමිටුවක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : මෙරට ක්‍රියාත්මක නිදහස්...

සූරතාවය ගිලිහුණත් පළග සූරතාවය ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ නොවැම්බර් 09, කොළඹ LNW: ඉකුත් වර්ෂයේ සූරතාවය දිනා...

මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...