වසර 50කට පසු නාසා යළි සඳ තරණයට සූදානම් වෙයි!

Date:

කොළඹ LNW: වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනකට නාසා ආයතනය ගගනගාමීන් යැවීමට සැලසුම් කර තිබේ.

නාසා වාර්තා පෙන්වා දෙන පරිදි එළඹෙන පෙබරවාරි මස මුල් දින කිහිපය තුළ එය සිදුවනු ඇති අතර මෙවර ගගනගාමීන් සිව් දෙනෙකු ඊට එක්වන බව සඳහන්.

පළමු සඳ ගමන සිදුව වසර 50කට පසු නැවත සිදුවන මෙම සඳ ගමන මඟින් මානව අභ්‍යවකාශ ගවේෂණයේ තවත් වැදගත් සංධිස්ථානයක් පසුකරනු ඇතැයි නාසා ආයතනය විශ්වාසය පළකරයි.

ආටෙමිස් ටූ නමින් හැදින්වෙන මෙම මෙහෙයුමේ දී සැලසුම් කර ඇති පරිදි ගමන් කරනු ලබන ගගනගාමීන් සිව්දෙනා දින දහයක පසු නැවත පෘථිවියට පැමිණීමට නියමිත අතර මෙම ගමනේ අරමුණ ලෙස දක්වා ඇත්තේ සඳ මත ගොඩබෑම සඳහා රොකට්ටුව සහ අභ්‍යවකාශ යානා පද්ධති පරීක්ෂා කිරීමයි.

ඒ අනුව මෙම ගමනේ සාර්ථකත්වය මත නාසා ආයතනය සඳ මතට ගොඩබෑම සඳහා ආටෙමිස් ත්‍රී දියත් කිරීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : තමන්ගේ ගේ දොර...

“Michael” පොප් ලෝකයේ අමරණීය නැට්ටුක්කාරයාගේ යටගියාව එක් සිනමාංගයකින් 2026 දී!

සටහන – පුලී නොවැම්බර් 09, කොළඹ (LNW):සිනමා විශ්වයන් තිර ආධිපත්‍යය...

අය වැය සහ ක්‍රීඩාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් වෙන්...

බෙකම් එක්තරා අන්දමක චාල්ස් ලෝලියෙක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: මේ වන විට ක්‍රීඩා නොකළත්,ඩේවිඩ්...