කොළඹ, නියෝජ්‍ය පොලිස්පති කාර්යාල ශ්‍රවණාගාරයේ සොරකමක් ?විමර්ශන අරඹයි.

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25 කොළඹ LNW :

කොළඹ, නියෝජ්‍ය පොලිස්පති කාර්යාල ශ්‍රවණාගාරයේ විදුලි රැහැන් පද්ධතියෙහි ඇති තඹ කම්බි සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

එම ශ්‍රවණාගාරයේ හයවන මහලේ දොරක් කඩා ඇතුලු වූ කිසියම් පුද්ගලයකු විසින් ශ්‍රවණාගාරයේ විදුලි උපකරණවලට විදුලි සම්බන්ධතාවය ලබාදී තිබූ විදුලි රැහැන් පද්ධතිය කපා ඒ තුළ අඩංගු තඹ කම්බි සොරාගෙන ගොස් තිබෙන බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, අගෝස්තු මස 01 වෙනි දිනත් මෙම මස 24 වන දිනත් අතර කාලයේදී අදාල සොරකම සිදුව ඇති බව පවසමින් ගොඩනැගිලි කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා විසින් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණිලි කර ඇති බවයි.

සොරාගන්නා ලද දේපලවල වටිනාකම මෙතෙක් සනාථ කර නොමැති බවද එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචි කිරීමේ නීති වෙනස් කිරීමට ඊශ්‍රායල රජයෙන් පියවර..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්පත් කරගත් බටහිර...

උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා නාමල්ගේ ඩුබායි සල්ලි ගැනත් අපි හොයනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා...

පළාත් සභා ජන්දය නොතියන්න හේතුව හිටපු මන්ත්‍රී ගම්මන්පිල හෙළිකරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන්නේ...