කොළඹ, නියෝජ්‍ය පොලිස්පති කාර්යාල ශ්‍රවණාගාරයේ සොරකමක් ?විමර්ශන අරඹයි.

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25 කොළඹ LNW :

කොළඹ, නියෝජ්‍ය පොලිස්පති කාර්යාල ශ්‍රවණාගාරයේ විදුලි රැහැන් පද්ධතියෙහි ඇති තඹ කම්බි සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

එම ශ්‍රවණාගාරයේ හයවන මහලේ දොරක් කඩා ඇතුලු වූ කිසියම් පුද්ගලයකු විසින් ශ්‍රවණාගාරයේ විදුලි උපකරණවලට විදුලි සම්බන්ධතාවය ලබාදී තිබූ විදුලි රැහැන් පද්ධතිය කපා ඒ තුළ අඩංගු තඹ කම්බි සොරාගෙන ගොස් තිබෙන බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, අගෝස්තු මස 01 වෙනි දිනත් මෙම මස 24 වන දිනත් අතර කාලයේදී අදාල සොරකම සිදුව ඇති බව පවසමින් ගොඩනැගිලි කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා විසින් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණිලි කර ඇති බවයි.

සොරාගන්නා ලද දේපලවල වටිනාකම මෙතෙක් සනාථ කර නොමැති බවද එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...