උතුරු කොරියාව න්‍යෂ්ටික අවි විශාල ප්‍රමාණයක් සම්පාදනය කිරීමට සුදානම්ක බවට දකුණු කොරියාව අනතුරු අඟවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු කොරියාව විශාල වශයෙන් යුරේනියම් එක්රැස් කරමින් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමට සැරසෙන බව දකුණු කොරියාව අනතුරු අඟවා තිබේ.

සෝල්හි එක්සත් කිරීමේ අමාත්‍ය චුන්ග් ඩොං-යං අද(25)විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කර තිබුණේ, සිවිල් විශේෂඥයින් විසින් සපයන ලද බුද්ධි තොරතුරුවලට අනුව, උතුරු කොරියාවේ ප්‍රධාන වශයෙන් කර්මාන්තශාලා හතරක් තුළ සියයට 90 ක් හෝ ඊට වැඩි සංශුද්ධතාවයකින් අධික ලෙස පොහොසත් යුරේනියම් කිලෝග්‍රෑම් 2,000 ක් (රාත්තල් 4,400 ක් පමණ) ඇති බවට තහවුරු කළ හැකි බවයි.

කෙසේ නමුත් මෙහි අවදානම සමබන්ධයෙන් “උතුරු කොරියාවේ න්‍යෂ්ටික සංවර්ධනය නැවැත්වීම හදිසි කාරණයක්” යැයි චුන්ග් පවසා ඇති අතර සම්බාධක ඵලදායී නොවන බවත් එකම විසඳුම ප්යොංයැං සහ වොෂින්ටනය අතර සමුළුවක් බවත් සඳහන් කර ඇත.

උතුරු කොරියානු ජනාධිපති කිම් ජෝන් උන් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර 2019 සිය සම්බන්ධතා ඇණහිටිමත් සමඟ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන අවසන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ඇණහිට තිබේ. 2006 දී සිය පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම සිදු කළ සහ තහනම් ආයුධ වැඩසටහන් සඳහා එක්සත් ජාතීන්ගේ සම්බාධකවලට ලක්ව ඇති උතුරු කොරියාව, එහි යුරේනියම් පොහොසත් කිරීමේ පහසුකම් පිළිබඳ තොරතුරු කිසි විටෙකත් ප්‍රසිද්ධියේ හෙළි කර නොමැත.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) ට අනුව, එක් න්‍යෂ්ටික අවියක් සඳහා අධික ලෙස පොහොසත් යුරේනියම් කිලෝග්‍රෑම් 42 (රාත්තල් 92.6) අවශ්‍ය වේ; න්‍යෂ්ටික බෝම්බ 47 ක් පමණ සඳහා කිලෝග්‍රෑම් 2,000 ක් ප්‍රමාණවත් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: “I don’t care that they stole my idea… I care that they don’t have any of their own.” මානවයා ගැන නිකොලා...

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): නිකොලා ටෙස්ලාගේ දවසේ...

බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචි කිරීමේ නීති වෙනස් කිරීමට ඊශ්‍රායල රජයෙන් පියවර..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්පත් කරගත් බටහිර...

උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා නාමල්ගේ ඩුබායි සල්ලි ගැනත් අපි හොයනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා...