අපේ ආණ්ඩුව ආවාට පස්සෙ තමා මැති ඇමතිලාගෙ වත්කම් දැනගන්න ජනතාවට අවස්ථාව ලැබුණෙ. ඒ ගැන ජනතාව සතුටු වෙන්න ඕනෑ – ඇමති නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙතෙක් කලක් දේශපාලනඥයින්ගේ වත්කම් පිළිබඳ දැනගැනීමට ජනතාවට අවස්ථාවක් නොතිබුණු බවත් ඔවුන්ට එම අවස්ථාව ලැබුණේ වත්මන් රජය බලයට පැමිණීමෙන් අනතුරුව බවත් කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“දැන් මෙහෙමනෙ, මේ මැති ඇමතිවරුන්ගෙ හරි කාගෙ හරි වත්කම් ජනතාවට දැකගන්න අවස්ථාවක් තිබුණෙ නැහැනෙ. දැන් ඒ අවස්ථාව ලැබිලා තියෙනවානෙ. අපි ගන්න ඕනෙ ඒක. දැන් වත්කම් ගත්තාම මමත් අවුරුදු ගාණක සිට වත්කම් බැරකම් ප්‍රකාශ බාරදීලා තියෙනවා. ඒ අඛණ්ඩව බාරදීගෙන ආපු එක තමයි අපි මේ වසරක් පාසා කරන්නෙ. එතකොට අපි මොකක්වත් හංගලා නෑ. හංගන්න බෑ. අපෙ ඇත්ත වත්කම් තමා අපි පෙන්නලා තියෙන්නෙ. මේවා ඇතුළෙ කිසිම තැනක අයථා මුදල් නෑ. අයථා දේපළ නෑ. අපිට අපේ පරම්පරාවලින් අපේ අම්මා තාත්තාගෙන් ආපු දේපළ මොනවා හරි තියෙනවා නම් ඒවා, අපි හම්බ කරගත්ත ඒවා, අපෙ පවුල්වල අය විවිධ වෘත්තීන්වල යෙදෙනවා, එතකොට ඒගොල්ලො ඒවා, මේ ඔක්කොම එකතු වුණාම තමයි මේ වත්කම් හැදෙන්නෙ. ඉතින් ඒ තත්වයත් එක්ක අපි හැමෝගෙම ඒ වත්කම් ඉදිරිපත් කරලා තියෙනවා. ඕනෙම කෙනෙකුට මේක අභියෝගයට ලක්කරන්න පුළුවන්. එහෙම නම් මොනවා හරි සැක සංකාවක් තියෙනවා නම් පැමිණිල්ලක් දාන්න පුළුවන් මේකට පරීක්ෂණයක් කරන්න කියලා. ඒක නිසා දැන් කවුරුවත් මේගොල්ලො මේ හොයාගත්තුවා නෙවෙයි මේ. මේ අපේ මැති ඇමතිවරු අපි අත්සන් කරලා ඉදිරිපත් කරපු වත්කම්. මේවා කොළේ වහලා ගහලා නෑ. මේ වෙලාවේ ලොකු මාතෘකාවක් වෙලා තියෙනවා වසන්ත සමරසිංහ කියන චරිතය. එහෙම නම් වසන්ත සමරසිංහ ඇමතිතුමාට තිබුණා නෙ ඕක එහෙම මෙහෙම කරලා අඩුකරලා දාන්න තිබුණානෙ. එහෙම දාලා නැහැනෙ. මේ දාලා තියෙන්නෙ ඇත්ත වත්කම්. ඒ තත්වයත් එක්ක ඒවා අයථා විදියට උපයපු ඒවාද, පගා ගහලා තියෙනවාද, කොමිස් ගහලා තියෙනවාද, ඕනෙ කෙනෙකුට ඒවා හොයන්න පුළුවන්. මේවා විවෘතයි. මේකෙදි අපි සතුටු වෙන්න ඕනෙ කාරණය තමයි මෙතෙක් ඔය දේශපාලනඥයින්ගේ වත්කම් කොහොමද කියලා දැනගන්න රටේ ජනතාවට අවස්ථාවක් තිබුණෙ නෑ. හැබැයි දැන් වර්තමාන ආණ්ඩුව ආවාට පස්සෙ, දැන් මුළු රටම දන්නවා ජනාධිපතිගෙ, අගමැතිගෙ, ඇමතිලාගෙ වත්කම් කොහොමද කියලා. හැබැයි විපක්ෂ නායක වත්කම් බාරදීලාත් නැහැනෙ ? එතකොට ඒක ලොකු මාතෘකාවක් නෙවෙයිද ? දැන් රටේ මැති ඇමතිවරුන් වත්කම් බැරකම් ප්‍රකාශ බාරදෙනකොට 2029 සිහින ජනාධිපති විපක්ෂ නායක වත්කම් බැරකම් ප්‍රකාශ බාරදීලාත් නැහැනෙ”

නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (25) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සොහ්රාන් මම්දානිගේ ඇමරිකානු පුරවැසිභාවය රිපබ්ලිකන්වරු ප්‍රශ්න කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නිව්යෝක්හි පළමු...

ආණ්ඩුව ගෙනයන ජනතාව රවටන වැඩපිළිවෙළ අපි 21 වෙනිදා රටට හෙළි කරනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW : වසර දහයකට පසු...

සංජය ඈපාගේ ”ආදර සාදය” දැන් ඔබේ දෝතට! (PHOTOS)

කොළඹ LNW:හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු සහ කවියකු...

නින්දට බම්ඹු ගහගන්න කියලා ජීවිතේ විදින ඈයෙක්! අවුරුදු 60ක් පමණ නිදාගෙන නෑ!

සටහන – පුලී නොවැම්බර් 10, කොළඹ (LNW):  වියට්නාම් යුද්ධයේදී අධික...