ඔස්ට්‍රේලියාවෙන් මිලියන 50 ක ආධාරයක්

Date:

අර්බුද ගණනාවකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික ජනතාවගේ ආහාර හා ඖෂධ අවශ්‍යතා වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක ප්‍රදානයක් සිදු කිරීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබෙනවා. එහි පළමු පියවර ලෙස ඩොලර් මිලියන 22 ක හදිසි ආධාරයක් ලබාදෙන බවයි මෙරට ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ.

ලෝක ආහාර වැඩසටහන හරහා මෙම ආධාර ලබාදීම ක්‍රියාත්මක වේ.

පළමු පියවර තුළදී ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 30 කට පමණ සහන හිමිවීමට නියමිතය.

2022 – 23 කාලසීමාවට අදාල සංවර්ධන සහාය යටතේ තවත් ඩොලර් මිලියන 23 ක් ලබාදීමට ඔස්ට්‍රේලියානු රජය සූදානම් වේ. ඉතිරි ඩොලර් මිලියන 05 ක මුදල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහන යටතේ මෙරටට ලැබෙනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...