නිශ්මං රණසිංහ සැප්තැම්බර් 28, කොළඹ LNW:
කාන්තා ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පැවති පෙර පුහුණු තරගයකදී ශ්‍රි ලංකාව එක ලකුණකින් බංගලාදේශය ඉදිරියේ පරාජයට පත් වුණා.පන්දු යැවීමේදී පන්දු යවන්නියන් නව දෙනෙකුම යොදා ගනිමින් ප්‍රතිවාදීන්ට තීරණාත්මක බලපෑමක් කළ හැකි පන්දු යැවීමේ බල ඇණිය ගැන අදහසක් ගන්නට නායිකා චමරි අතපත්තු උත්සාහ කළ බවක් පෙනෙන්නට තිබුණා.
කාසියේ වාසිය ලැබූ බංගලාදේශය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබුවා.ඒ අනුව ඔවුන් පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 8 ට ලකුණු 242 ක් රැස් කරන්නට සමත් වුණා.බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් ෂාහිම් අක්තාර් ලකුණු 71 ක් රැස් කරන්නට සමත් වුණා.මල්කි මදාරා,කවීශා දිල්හාරි සහ දෙවිමි විහංගා මෙහිදී කඩුලු 2 බැඟීන් දවා ගන්නට සමත් වුණා.
පිළිතුරු ඉණිමේදී නමගිය පිතිකාරිණියන්ගෙන් විශ්මි ගුණරත්න (00) සහ චමරි අතපත්තු (08) හැරුණු විට සෙසු පිතිකාරිණියන් ඉලක්කම් දෙකේ ලකුණු එකතු කරනු ලැබුවා.ඒ අතරින් නිලක්ෂිකා සිල්වා ලකුණු 75 ක් සහ කවීශා දිල්හාරි ලකුණු 63 දැක් වූ දස්කම් ඉහළින් කැපී පෙණුනා.
එහෙත් පසුපෙළ දැක් වූ අලස භාවය සහ නොහැකියාව නිසා තරගයේ ශ්‍රී ලංකාවට හිමි අවසාන පන්දුවේදි ජයග්‍රහණයට ලකුණු 2 ක් අවශ්‍යව සිටියදී සුගන්ධිකා කුමාරි සම කිරීමට ඇවැසි එක ලකුණ හෝ නොලබා ලකුණු 2 ක් ලබා සිටියදී දැවී ගියා.එහිදී මෙම පුහුණු තරගය, පුහුණුවට සීමා නොවී ජයග්‍රහණයක් කර ගැනීමේ දැඩි උවමනාවක් බංගලාදේශය ප්‍රදර්ශනය කළ අතර ඒ නිසා ඔවුන්ගේ ප්‍රබලතම පන්දු යවන්නියක් වන නහිදා අක්තාර් පන්දු ඕවර් 10 ම යැවිම සඳහා යොදවා ලකුණු 28 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.
තරගයේ ලකුණු විස්තරයට – https://bit.ly/480d1TZ
