හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද (28) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ව්‍යාජ ලියකියවිලි යොදා ලියාපදිංචි කර තිබූ රුපියල් කෝටි 6ක් වටිනා සුඛෝපභෝගී රථවාහන 3ක් ද සමග ය.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලැබුණු තොරතුරක් අනුව අද දිනයේදී සිදුකළ වැටළීමකදී මෙසේ ලෑන්ඩ් රෝවර් සහ මිට්සුබිෂි යන වර්ගවල ජීප් රථ තුනක් සමග හිටපු මන්ත්‍රීවරයාව අත් අඩංගුවට ගෙන ඇති අතර මෙම ජීප් රථ නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර කූඨ ලේඛන භාවිතා කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කර ඇති බවත්, ඒ සඳහා රාජ්‍ය ආයතනවලට අයත් ගර්භිත කරන ලද වාහනවල ලියාපදිංචි අංක යටතේ කූඨ ලේඛන සකස් කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

සැකකාර හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා හෙට (29) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආදරය ගෞරවය සමඟ පරාජයේ වේදනාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 15, කොළඹ LNW: තරගයක්,තරගාවලියක් ජය ගැනීමෙන් සිය...

ලාංකේය වොලිබෝලයේ හෙට දවස නැලවෙන සවිමත් ඔන්චිල්ලාව – ඩීඑස්අයි වොල්බෝල්

නිශ්මං රණසිංහ නොවැම්බර් 15, කොළඹ LNW: ලාංකේය වොලිබෝලයේ අනාගතය තනන...

BBCයට එරෙහිව ඩොලර් බිලියන 1-5ත් අතර වන්දි ඉල්ලා නඩු පවරන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : තමා විසින්...