තෙල් පෝලිම්වල පොහොට්ටුවේ දාමරිකයින් රජ කරනවා – ඕමල්පේ සෝභිත හිමි (VIDEO)

දිවයින පුරා ඉන්ධන පෝලිම්වල දාමරිකයින් රජ කරමින් සිටින බවටත් ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනඥයින්ට සම්බන්ධ දාමරිකයින් බවටත් තොරතුරු ලැබෙමින් පවතින බව ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

“ඉතාමත් දිග තෙල් පෝලිම්. අඩුවක් පේන්න නෑ, දිගින් දිගටම මේ තෙල් පෝලිම් වැඩිවෙනවා. මහජනතාව අතිමහත් දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා. සෑම තැනකම වගේ තෙල් පෝලිම්වල දාමරික පිරිස් රජ කරනවා. පෝලිම්වල අධිකාරී බලය, එහෙම නැත්නම් බලහත්කාර අයිතිය පවරාගෙන යම් යම් දාමරික පිරිස් ක්‍රියාකරන බවට තොරතුරු ලැබෙනවා. රාජ්‍ය බලය තියෙන, ඒ කියන්නෙ පොහොට්ටු පක්ෂයට සම්බන්ධ දේශපාලනඥයින්ගේ ගෝලබාලයින් සහ දේශපාලනඥයින් සෘජු ලෙස මේ දාමරික ක්‍රියාවන්ට සම්බන්ධ වෙලා ඉන්න බවට. දිවයින පුරාම දක්නට ලැබෙන පෝලිම් හැම එකකටම මේ දාමරිකයින් සම්බන්ධ වෙලා ඉන්නෙ රාජ්‍ය පාලනයේ යෙදී ඉන්න දේශපාලනඥයින්ගේ අනුග්‍රහයෙන්ද කියලා අපට ප්‍රශ්නයක් පැන නැඟෙනවා”

ඕමල්පේ සෝභිත හිමියන් මේ බව පැවසුවේ ඊයේ (20) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Chat GPT දමා හැදූ පොලිස් බොඩි කැම් ටෙන්ඩරය ගැන බරපතළ සැකයක් – වසන්තගෙන් චෝදනා

ශ්‍රී ලංකා පොලීසියට ශරීර කැමරා (Body Cam) 500ක් මිලදී...

දකුණු කොරියාව යුක්රේනයෙන් සමාව ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: දකුණු කොරියානු...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...