ගත වූ වසර අපේ රට ඉදිරියට ගොඩනැඟීම සඳහා අවශ්‍ය ශක්තිමත් අත්තිවාරම දැමු වසරයි: ජනපති ටෝකියෝහිදී කියයි

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29 කොළඹ LNW :

ඊයේ (28) පස්වරුවේ ටෝකියෝ හි Reiyukai ශාලාවේදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ හමුවකට එක් වූයේය.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ස්වේච්ඡා සංවිධානවල එකමුතුවෙන් සංවිධානය කර තිබු මෙම හමුවට ජපානයේ වෙසෙන මහා සංඝරත්නය, ආගමික පූජකවරු මෙන්ම වෘත්තීයවේදීහු, විශ්වවිද්‍යාල සිසුහූ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටී අතර ඔවුන්ගේ සුව දුක් විමසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා , ඔවුන් විසින් මතු කළ ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළේය.

ට තුළ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම, නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම, වංචා, දූෂණවලින් තොර පාලනයක් ඇති කිරීම, රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම සඳහා ගත් පියවර, රාජ්‍යතාන්ත්‍රික සමබරතාව ආරක්ෂා කර ගැනීම, ජාතික සමගිය ආරක්ෂා කර ගැනීම යන ක්ෂේත්‍ර ඔස්සේ පසුගිය වසර තුළ දැමු ශක්තිමත් අත්තිවාරම පිළිබඳ මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා ආණ්ඩුවේ වසරක ගමන් මගෙහි සාර්ථකත්වය මැනිය යුත්තේ ඒ මත පදනම්ව බවද පෙන්වා දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...