ආණ්ඩුවේ දෙබිඩි බව බී ළුණුවලින් පේනවා – සජිත්

Date:

කොළඹ LNW: එදා බී ලූණු ගොවියාට පවා සහතික මිලක් ලබා දීම රජයේ වගකීමක් යැයි පවසා අද බී ලූණු ආනයනය හොද යැයි පැවසීම තුළ ආණ්ඩුවේ දෙබිඩි බව පෙන්නුම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

ඒ අනුව ජනතාවත් ගොවියාත් මංමුලා කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

විපක්ෂයේ සිටින විට කුඹුරට බැස ගොයම් කකා වීවල සහතික මිල රු. 150ක් බවට අණ පනත් හරහා පත් කරන බව පැවසුවද අද වන විට තෙත් වී රු. 90ට විකිණීමට සිදුව ඇති බවත් ඇතැම් වී ගබඩා විවෘත කර නොමැති බවත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

එදා සමඟි ජන බලවේගය විසින් පොහොර මිටිය රු.5000ට දෙන බව පවසද්දී මාලිමාව හෙක්ටයාරයකට රු. 25,000ක් ලබා දෙන පොරොන්දුවට ජනතාව ජන්දය දුන්නද මේ වන විට සහන මිලට බීජ,පොහොර නොමැති බවයි ඔහු තවදුරටත් පැවසුවේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් දක්වා සිටියේ පොළොන්නරුව හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සදහා එක්වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...