පිලිපීනයේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 69 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(30)රාත්‍රියේ මධ්‍යම පිලිපීනයට බලපෑ රික්ටර් මාපකයේ 6.9 ක භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයන් 69 දෙනෙකු මිය ගොස් 140 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

විසායාස් කලාපයේ සෙබු පළාතේ බෝගෝ නගරයේ සිට සැතපුම් 12 ක් ඊසාන දෙසෙන් සිදුවූ මෙම ප්‍රධාන භූමිකම්පාවෙන් අනතුරුව පසු කම්පන රැසක් ද වාර්තා වී ඇති අතර පිලිපීන ගිනිකඳු විද්‍යා හා භූ කම්පන විද්‍යා ආයතනය (ෆිවොල්ක්ස්) ලෙයිට්, බිලිරාන් සහ සෙබු පළාතේ ප්‍රදේශ සඳහා සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත්කර තිබිණි.

පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ගේ පවුල්වලට සිය ශෝකය පළ කර ඇති අතර, ගිනි නිවන ආරක්ෂක කාර්යාංශය සහ පිලිපීන ජාතික පොලිසිය ගලවා ගැනීමේ සහ ප්‍රතිසාධන කටයුතු සඳහා සහාය වන බවත්, බලපෑමට ලක් වූ ප්‍රදේශවලට විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට බලශක්ති දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත් නිවේදනය කර ඇත.

පිලිපීනය පැසිෆික් ගිනි වළල්ලේ පිහිටා ඇති අතර එය නිරන්තරයෙන් භූ කම්පන හා ස්වාභාවික විපත් වලට මුහුණ දේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...