බෑ කියපු රනිල්වත් රිමාන්ඩ් කළානෙ. තව අවුරුදු දෙකක් යනකොට ඉතුරු ඔක්කොමලාත් ඇතුළෙ ඉඳියි – ඇමති බිමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය ආණ්ඩු කාලවලදී සිදුවූ අපරාධ යටගැසීමට එම පාලකයින් විසින් කටයුතු කර ඇති බැවින් ඒවාට නීතිය ක්‍රියාත්මක කිරීමේදී යම් කාලයක් ගතවන නමුත් අනිවාර්යයෙන්ම ඒ ඒ සිද්ධි සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

“අපි නිකම් ඩොක්ටර් ෂාෆිව උස්සන් ගියා වගේ අපි එහෙම කරන්නෙ නැහැ. එහෙම කරන්න ඕනෙ නැහැ. යම්කිසි වෙලාවක් අරන් ඕනෙ නීතිය ක්‍රියාත්මක වෙන්න. නීතිය විස්සයි විස්ස මැච් එකක් වගේ කරන්න හොඳ නෑ. යම් කන්සල්ටේෂන් එකක්, ප්‍රෝසස් එකක් යන්න ඕනෙ. මනුස්සයෙක්ට යම් ඉස්පාසුවක් තියෙන්න ඕනෙ තමන්ට අසාධාරණයක් වෙනවා නම් ඒක කියාගන්න. මං දැක්කා ඉන්දියාවෙ අග්‍රවිනිශ්චයකාරතුමා කියලා තියෙනවා නීතිය මීටර් 100 වගේ කරන්න හොඳ නෑ කියලා. නමුත් අපි වේගයෙන්, නතර කරපු නඩුවලට අවස්ථාව දීලා තියෙනවා කරන්න. ඔය බෑ කිව්ව රනිල් වික්‍රමසිංහත් රිමාන්ඩ් කළානෙ ලංකාවෙ මහේස්ත්‍රාත් විනිශ්චයකාරතුමියක්. අගවිනිසුරුතුමා නෙවෙයිනෙ රනිල් වික්‍රමසිංහ කියන බලවත් පුද්ගලයා, නීතියට උඩින් ඉන්නවා කියලා එයාත් හිතපු කෙනා රිමාන්ඩ් කළේ ? අපි හිතනවා අර්ජුන මහේන්ද්‍රන්, පාස්කු ප්‍රහාරයේ කට්ටිය, ඒ ඔක්කොටම අදාළව …. – දැන් මම දැක්කා ඊයෙද කොහෙද මාධ්‍යවල තාජුඩීන් ඝාතනයට අදාළව දැන් අලුත්ම තොරතුරු ඇවිල්ලා තියෙනවා – එහෙම තමයි. මොකද මේ අපරාධ කරේ ගමේ සිරිපාල හරි, ඥානරත්නම් හරි නෙවෙයිනෙ. මේ අපරාධ කළේ රට පාලනය කරපු පාලකයෝ. ඒගොල්ලො මේ අපරාධ යටගැහුවා, වැහුවා. අනික මේ අපරාධ ඊයෙ වෙච්ච ඒවා නෙවෙයි. තාජුඩීන් ඝාතනය 2012. පාස්කු ප්‍රහාරය 2019. මහබැංකු බැඳුම්කර වංචාව 2015. ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිල්ලාත් එතුමා මොකක්ද එතුමාගෙ කතාවෙ කිව්වෙ ? නීතිගරුක රටක් හදනවා කියලා. ඒ නිසා මාස 60කටනෙ පත්වෙලා තියෙන්නෙ. තාම මාස 12යි, තව 48ක් තියෙනවා. ඒ නිසා මං හිතන්නෙ ඔය 48න් බාගයක් යනකොට ඔය ඔක්කොමලා ඇතුළෙ ඉඳියි නීතිය අනුව”

අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (01) අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...